Pages

Tuesday, November 19, 2013

දයා ගමගේ බොදු බළ සේනාවෙන් සමාව ගනී

සිරිකොත මන්දිරය ඉදිරිපිට මහ පාරේ රැස්වීමක් පවත්වමින් සිටි බොදු බළ සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තතේ ඥාණසාර හිමියන් ඇතුළු සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග නුගේගොඩ නාලන්දාරාමධීපති  තිනීයාවල පාලිත හිමියෝද මින් මද වේලාවකට පෙර වැඩම කළහ.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන   රවි කරුණානායක හා රුවන් විජයවර්ධන මහත්වරු ඒ හිමියන් සමග ආහ. රවි කරුණානායක මහතා කතා කරද්දී හු හඩ නැගී ආවේය. ඥාණසාර හිමියන් කියා සිටියේ සංඝරත්නයට පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමාව ගත යුතු බවයි.

දයා ගමගේ මහතා කතා කරමින්  එක්සත් ජාතික පක්ෂය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය. ඥාණසාර හිමියන් ඇතුළු බොදු බළ සේනා සංවිධානය සිරි කොත මන්දිරයට වඩින ලෙස ආරාධනය කරන බවත් ඔහු කියා සිටියේය.

http://www.lankadeepa.lk/index.php/articles/186826

සබැඳි ලිපි -
[
බොදුබලය, එජාපය සහ මංගලhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_17.html
බොදුබල සේනා ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඡයාරු ප‍්‍රදර්ශනය කළ බවට වූ තොරතුරු නිසා පරීක්ෂා කිරීමට අපි සිරිකොතට වැඩියා - ඤාණසාර හිමිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_33.html‘චැනල් 4’ සිරිකොතට ගෙන්වීම කුමන්ත‍්‍රණයක් - සජිත්http://denethharinna.blogspot.com/2013/11/4_6534.htmlජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7665.html
]





0 comments: