Pages

Sunday, November 17, 2013

ඩෙංගු සොයද්දී හමු වූ මුසලු ආයුධ ගබඩාව

ඩෙංගු යනු මාරාන්තික උවදුරකි. මේ වන විට ඉන් මියගිය සංඛ්‍යාව ඉතා විශාලය. ඩෙංගු මදුරුවා මිනීමරන්නේ දැනගෙන නොවුණත් සමාජය ඉදිරියේ ඌ දරුණු ගණයේ අපරාධකාරයෙකි. ඒ නිසා සියලු මදුරුවන් සමූල ඝාතනය කිරීමටත් ඔවුන්ගේ වාසස්‌ථාන, ජනපද විනාශ කොට සමාජය සුරක්‍ෂිත කිරීමටත් සියලු සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. පාතාලය ද මිනීමරයි. එයද විශාල සමාජ ව්‍යසනයකි. ඉතා දරුණු ගණයේ ඝාතකයන් අතින් කුරිරු ලෙස කපාකොටා, වෙඩිතබා දූෂණය කර පවුල් පිටින්, ගම් පිටින් මරාදමන දුක්‌මුසු පුවත් දවසින් දවස වැඩි වෙමින් පවතින්නේ එබැවිනි. ඒ නිසා මදුරුවන් මැරීමත්, පාතාලයන් මර්දනයත් දෙකම පොලිසියට හා අවශ්‍ය වුවහොත් හමුදාවට බාරදී තිබේ. මදුරුවන් මර්දනයට මීට ඉහත ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය පරීක්‍ෂක මහතුන් පමණක්‌ වුවත් දැන් එම තත්ත්වය වෙනස්‌ වී ඇත්තේ ඇතැම් නිවෙස්‌ හිමියන් විසින් මෝල්ගස්‌, කැති මන්නා භාවිත කරමින් සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මර්දනය කිරීමට පටන්ගත් නිසාය. මේ හේතුන් නිසා දැන් ඩෙංගු මර්දන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ පොලිසියත්, ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්ගෙත් එකමුතුවෙනි.

පසුගියදා නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනක්‌ අතරතුර ප්‍රදේශයේ නිවෙසක සඟවා තැබූ විශාල ආයුධ තොගයක්‌ හමුවන්නේ අදාළ නිලධාරීන් එම නිවසේ වසා තිබූ කාමරයක්‌ පරීක්‍ෂා කිරීමට යැමේදීය. මිරිහාන මූලස්‌ථාන පොලිසියේ පරීක්‍ෂණ ඒකකයේ නිලධාරීන් හා ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් එක්‌ව පසුගියදා අදාළ නිවෙසින් මෙම ආයුධ සොයාගන්නා අවස්‌ථාවේදී නිවසේ සිට ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙම දෙමහල් නිවසේ හිමිකරු ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයෙක්‌ වන අතර ඔහු එම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ සැමියා බවට ඇය විසින් ප්‍රකාශ කර තිබේ. මෙලෙස හමු වූ ආයුධ අතර වායු රයිµල් 16 ක්‌,සෙල්ලම් පිස්‌තෝල 56 ක්‌, කඩු 242 ක්‌, විශාල ප්‍රමාණයේ කිණිසි 45 ක්‌, කුඩා ප්‍රමාණයේ කිණිසි 53 ක්‌, පිහි 60 ක්‌, මූනිස්‌සම් ටින් 16 ක්‌, දුරදක්‌නා 11 ක්‌ තිබූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය. ඩෙංගු මර්දන නිලධාරීන් හා පොලිසිය මෙම නිවස පරීක්‍ෂා කරන අවස්‌ථාවේදී රට බළලුන් හත්දෙනෙක්‌ හා බල්ලන් පස්‌දෙනෙක්‌ ද එහි සිට තිබේ. ඇය ගෙන් මෙම ආයුධ තබාගෙන සිටින්නේ කුමකටදැයි ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් එම නිවසේ මෙලෙස ආයුධ සඟවා තිබුණේ දැයි යන වගවත් ඒ මොහොත වන තෙක්‌ නොදැන සිටි බවයි.

මෙම වැටලීම සිදු කරන අවස්‌ථාවේදී නිවෙස හිමි ශ්‍රී ලාංකිකයා ව්‍යාපාර කටයුත්තක්‌ සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස්‌ සිටි බව ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ අතර පසුගිය එකොළොස්‌ වැනිදා නිවසේ හිමිකරු වන මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයා නුගේගොඩ අධිකරණයට පැමිණ භාරවී තිබිණි. එහිදී ඔහුව ඇප මත මුදාහැරුණු අතර පොලිසියට තව දුරටත් මේ පිළිබඳව ඔහුගෙන් විමසීමට අධිකරණයෙන් අවසර ලැබී තිබිණි. මෙම පුද්ගලයා එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු මෙම ආයුධ ස්‌පාඤ්aඤය වැනි රටවලින් අදාළ නීතිමය බලපත්‍ර සහිතව රේගු නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ මෙරටට රැගෙන ආ බවයි.

කෙසේ වෙතත් මෙතරම් ආයුධ ප්‍රමාණයක්‌ නිවෙසක සඟවා තබා ගැනීමත් අඩුම තරමේ ඒ පිළිබඳව නිවැසියන් නොදැන සිටීමත් ඉතාමත් ප්‍රශ්නකාරී සිදුවීම් රැසකි. එබැවින් අදාළ පුද්ගලයාගෙන් මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමටත් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමටත් පොලිසිය ක්‍රියාත්මක වෙමින් සිටී. මෙම ආයුධ කිසියම් අපරාධයක්‌ සඳහා භාවිත කළේ ද එසේත් නොමැති නම් ඔහු විසින් මෙම ආයුධ අපරාධ කණ්‌ඩායම් හා පුද්ගලයන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වී සිටින පුද්ගලයෙක්‌ද යන වග සොයා බැලීමට පොලිසිය මේ වන විට පැති කිහිපයකින් තම විමර්ශන කටයුතු අරඹා තිබේ.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව හා ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා මෙම නිවසට පැමිණ ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී වන අතර අදාළ වැටලීම සිදුවන අවස්‌ථාවේදී මෙම නිවසේ මෙහෙකරුවන් දෙදෙනෙක්‌ ද වාසය කර තිබේ.

සොයාගත් අවි ආයුධ සියල්ල මේ වන විට රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමට බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත්ත එදිරිසිංහ යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ක්‍රියාත්මක වන බව පොලිස්‌ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටී.

කඩු, කිණිසි, පිහි, තුවක්‌කු, පතරොම් තිබෙන්නේ කෘෂිකිර්මාන්ත කටයුතුවලට භාවිත කිsරීමට හෝ පෙරහැරවල යෑවීමටවත් ජනක්‍රීඩා කිරීමටවත් නොවන බැවින් මේ පිළිබඳ නිවැරැදි ලෙස කටයුතු කිරීම සැමගේ වගකීම බව අපගේ හැඟීමයි.

රංග විදානෙ
http://www.divaina.com/2013/11/17/feature07.html

සබැඳි ලිපි -
[
මුසලු අන්තවාදීන්ගේ ආයුධ ගබඩාවක් නුගේගොඩ | කඩු 242, ලොකු පොඩි කිණිසි 98, පිහි 60, මූනිස්‌සම් ටින් 16, වායු රයිෆල් 16http://denethharinna.blogspot.com/2013/11/242-98-60-16-16.html
]

0 comments: