Pages

Monday, November 25, 2013

නාගයින්ට පවා වෙදකම් කළ බුද්ධදාස මහරජ මඟ යමින්, වන ජීවයෙන් නාගයෙකුට සැත්කමක්

ගිරිතලේ වනජීවි පුහුණු කේන්ද්‍රයේදී අඩි හයක්‌ පමණ දිග ශරීරයේ ගෙඩි හතරක්‌ හටගෙන රෝගාතුරව සිටි නාගයෙකුට ශල්‍යකර්මයක්‌ මගින් එම ගෙඩි ඉවත් කර සුවය ලබාදීමට පසුගිය 22 දා හැකිවිය.

වයස අවුරුදු තුනහමාරක්‌ හතරක්‌ පමණ සහ කිලෝ ග්‍රෑම් එකහමාරක්‌ පමණ බර වන නාගයාට, වනජීවී දෙපාර්තමේන්තුවේ මහවැලි කලාපය භාර පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා ප්‍රමුඛ වනජීවී නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් පැය එකහමාරක පමණ කාලයක්‌ තුළ මෙම සැත්කම කරන ලදී.

ගම්පහ ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටියදී එම ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් මෙම නාගයා අල්ලා ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට භාරදුන් බවත්, ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රය තුළ මෙවැනි සැත්කමක්‌ සිදුකරන ලද්දේ ප්‍රථම වතාවට බවත් එහි ස්‌ථානභාර නිලධාරී ඩබ්ලිව්. එම්. කේ. එස්‌. චන්ද්‍රරත්න මහතා පැවැසීය.

හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන,අරලගන්විල රෝෂන් තුෂාර
http://www.divaina.com/2013/11/25/provin01.html

0 comments: