Pages

Monday, November 25, 2013

ගල්කොරිවලට යටවෙලා පවිටෝ - ජාතික උරුමයට කොටති කපුටෝ!

* හම්බන්තොට සිනක්‌කු ගලේ පුරාවස්‌තු ඉවරයි
* මැදිරිගිරිය දිග්ගලත් ඈවරයි...

අප මේ සටහන තබන්නේ යකඩ මල්ලට ගුල්ලන් විද ඇති බව රටට කියන්නටය. ඒ කතාව කියන්නට කලින් මේ වග ලියා තැබිය යුතුව ඇත.

ජාතියක උරුමයේ අනුලංඝනීය හිමිකරුවෝ හෙට උපදින්නට නියමිත ජාතියේ සුජාත දරුපැටව්ය. ඉතිහාසයෙන් උත්කර්ෂයට නැංවූ මහානුභාවසම්පන්න සංකෘතියත්, ශිල්පකලා සම්ප්‍රදායත් ඒ හා බැඳුනු සමස්‌තයත් ඇතුළත් ජාතියක අධ්‍යාත්මික ප්‍රකාශනය බඳු මේ ජීවමාන යථාර්ථය ඒ නූපන් පරම්පාරව වෙනුවෙන් රක්‌ෂා කරදීමේ වගකීම පමණක්‌ අද ජීවත්වන අපට අයත් නිශ්චිත වගකීමක්‌ය. ඒ කටයුත්ත සඳහා අවැසි යෑයි විශ්වාස කරන ශාස්‌ත්‍රීය ශික්‌ෂණය මේ රටේ මිනිස්‌සුන්ගේ බදු මුදල් වලින් ලබාදී මිනිස්‌සුන්ගේ බදුමුදල් වලින් පඩිගෙවා රටක්‌ විසින් කුලී කාරයන් පිරිසක්‌ නිර්මාණය කරගන්නේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නමැති ආයතනය තුළ ඔවුන් ඒකරාශී කරන්නේත් වඩාත් නිශ්චිත ලෙස මේ ජාතික වගකීම ඉටු කරගනු සඳහාය.

වටහාගත යුත්තේ අවහල් සාටෝප නම් වලින් හැඳින්වුවද මුන් කුලීකාරයන් බවය. මේ රටේ ජාතික උරුමය මුන්ගේ බිරින්දෑවරුන්ගෙන් දෑවැද්දට ලද බූදලයක්‌ නොවන බවය. මේ උත්තම ඓතිහාසික සාධක සිල්ලරට බිස්‌නස්‌ කිරීම සඳහා මුන්ටත්, මුන්ගේ ඕනෑම අලුගුත්තේරු වැඩකට විද්‍යාත්මක අර්ථකථන දීමේ ශාස්‌ත්‍රීය පාදඩකම් කරනා විලිලඡ්ජා නැති ආචාර්ය හෝ මහාචාර්ය රොත්තටත් පහළ වූ මහා නිධානයන් නොවන බවය.

මෙසේ කියන්නට සිදුවන නින්දාසහගත කාලකණ්‌ණි සිදුවීම් ප්‍රමාණයක්‌ පසුගිය වකවානුව තුළ අප ඉදිරිපිට පෙළ ගැසුනේය.

1 පලුදෙනිය

සිරිපුර පලුදෙනිය ගල්පව්ව අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට පැවති ආරාමික නටබුන් සහිත, අවුරුදු එක්‌දහස්‌ පන්සියයක්‌ වත් පැරණි දාගැබ් ගොඩැල්ලකින් සැදි මහා පුරාවස්‌තු ප්‍රමාණයක්‌ පැතිරී ගිය ගල්පව්වක්‌ වූයේය. පසුගිය කාලයේදී සුගලාවගේ මමිය හමුවූ බවට රට්‌ටුන් කීවේ මේ ගල් පව්වේ තිබීය. මේ ගල කඩන්නට පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවේ කාලකණ්‌ණින් පිරිසක්‌ ගල්කොරිකාරයාගෙන් පගාව ගෙන බලපත්‍ර ලබා දුන්නේය.

අපට නොවැටහෙන එක්‌තරා සරල කාරණාවක්‌ තිබේ. මුල්ම අවස්‌ථාවේ මේ පුරාවිද්‍යා භූමියේ ක්‌ෂේත්‍ර ගවේෂණය කරන්නේ එවකට ගවේෂණ අධ්‍යක්‌ෂවරයාව සිටි වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකය. මේ වග පලුදෙනිය ගමේ ගම්මුත් දන්නේය. පසුගියදා අධ්‍යක්‌ෂ ජනරාල් වරයාම මෙම ස්‌ථානය පරීක්‌ෂා කළේය. ඔහු මුලින් දුටු කිසිම පුරාස්‌මාරකයක්‌ එහි නොමැති බව ඔහුම පැහැදිලි කරගත්තේය. මේ අපරාධය කළ කාලකණ්‌ණියා කවුද යන්නත් ඔහු හොඳටම දන්නේය. එසේ තිබෙද්දීත් මේ අපරාධකරුවන් විෂයෙහි දඬුවම් නොදී ගොංපාට්‌ කමිටු පිහිටුවමින් වටේ යන්නේ අහවල් කාරණාවක්‌ නිසාදැයි තවමත් අපට වැටහෙන්නේ නැත.

2 නීලගිරිය

මෑතකදී ඇතිවන දෙවන සිද්ධිය වාර්තා වන්නේ පොතුවිල් ආසන්නයේ ඇති නීලගිරි දාගැබේය. මේ දාගැබේ ගර්භය කැණීමට ගොස්‌ මැණික්‌ ගල් හොරකම් කළ බව කියන එවැනිම කාලකණ්‌ණින් කීපදෙනෙක්‌ ගැන දැන් රහස්‌ පොලිස්‌ පරීක්‌ෂණ පත්වන්නේය. මේ සිද්ධියට සම්බන්ධ පොලිස්‌ කටඋත්තර ප්‍රකාරව මැණික්‌ගල් 159 ක්‌ වංචා කරන්නට ගොස්‌ අතේ පත්තු වී තිබුණේය. මේ පුරාවස්‌තු වංචා කරන්නට ගිය ආකාරය ගැන දෙපාර්තමේන්තුව විසින් විධිමත් පරීක්‌ෂණයක්‌ කළ යුතුව තිබුණේය. එම පරීක්‌ෂණය සිදුවන්නේ නැත.

දෙවනුව මේ පුද්ගලයන් විසින් නීලගිරියෙන් ගරාගත් මැණික්‌ ගල් 159 ක්‌ සැක කටයුතු ලෙස වංචා කිරීමට කටයුතු කළ ආකාරයත් ආයතනයේ වාහනයකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරියෙක්‌, ඔහුගේ බිරි`ද හා තවත් නිලධාරිණියක්‌ ඇමරිකානු වාසී හිමිනමක්‌ සමග මෙම මැණික්‌ ගල් හමුවූ දිනයේ එම ස්‌ථානයේ දිනය පුරාම ගත කර තිබීම ගැනත්, ඔවුන් කිසිවෙක්‌ මේ සම්බන්ධව ඉහළ නිලධාරීන් දැනුවත් නොකිරීම ගැනත් විමසිය යුතුය. එහෙත් අතේ පත්තුවූ මේ විලිලඡ්ජා නැති හොරකම ගැන පරීක්‌ෂණයක්‌ කරන්නට අඩුම තරමින් මේ රටේදී ආමවාතයක්‌ පිටවුවද පත්කරනා ආකාරයේ කමිටුවක්‌වත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත් කළේ නැත.

3 සින්නක්‌කු ගල

හම්බන්තොට සීනක්‌කුගල යනු මීට අවුරුදු සීයකටත් කලින් හ`දුනාගත් පුරාවිද්‍යා රක්‌ෂිතයකි. ඉස්‌සර මිනින්දෝරුවෝ සිතියම් හදනවිට ඒ අවට ඇති පුරාවිද්‍යා ස්‌මාරක තම සිතියම් වලට ඇතුළත් කළහ. මීට දශක පහකට හයකට පෙර සිතියම්ගත කළ හම්බන්තොට අ`ගලේ මෙටි්‍රක්‌ සිතියමේ සින්නකුගල පුරාවිද්‍යා ස්‌මාරක සටහන්ව තිබුණේය. එහි කේතුකාකාර ආවාට, ඇතුළු පුරාවස්‌තු ගණනාවක්‌ මෙන්ම අනුරාධපුර යුගයට අයත් අවුරුදු දෙදහසකට ආසන්න පෞරාණික අගයකින් යුතු දාගැබ් ගොඩැල්ලක්‌ තිබිණි. වර්ෂ 2003 දී මෙම ගල කැඩීමට අනුකූලතාව දක්‌වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාදඩයෙක්‌ විසින් මුල් වරට ඇගැයුම් වාර්තාවක්‌ නිකුත් කළේය.

එහෙත් වර්ෂ 2008 දී යලිත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම ගවේෂණ අංශයේ නිලධාරිණියක්‌ විසින් කළ ගවේෂණයකින් අනතුරුව එම අපරාධයේ ස්‌වරූපය හෙළිදරව් විය. ඒ වනවිට පැවති පුරාවස්‌තු විනාශයත්, ශේෂ වී ඇති පුරාවස්‌තුත් ඡායාරූප සහිතව වාර්තා කළ මෙම නිලධාරිනිය ඒ බව දෙපාර්තමේන්තුවට දන්වා මෙම පුරාවිද්‍යා භූමියේ ගල් කැඩීම තහනම් කරනු ලැබීය.

එහෙත් මේ සියලු වාර්තා යටගසා වර්ෂ 2011 දී එක්‌තරා ගල්කොරිකාරයෙකුට මේ ගල කැඩීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එක්‌තරා නිඝන්ඨයෙක්‌ අවසර දී තිබිණි. පසුගිය දා සින්ක්‌කුගලේ අවුරුදු දෙදහසක්‌ පැරණි දාගැබ ගල්කොරි කාරයා විසින් ඩෝසර් කර ඇද දැම්මේය. ඇද දමා තවත් ගල්කොරිකාරයෙකුට සිය බලපත්‍රය විකිණුවේය. දැන් සින්නකුගලේ ඓතිහාසික දාගැබ සහිත පුරාවස්‌තු නැත. පුරාවස්‌තු විනාශ කළ ගල්කොරිකාරයා දැන් ඇපත් නැතිව හිරේය. එහෙත් මේ ව්‍යාපාරිකයාට ගල් කැඩීම සඳහා දෙපාර්තමේන්තුවටත් කොලේ වසා අවසර දුන් පාදඩයාට නඩු නැත. පලුදෙනියට නම් කමිටුවක්‌ ඇත්තේය. හෙළිදරව් වූ මේ නින්දිත අපරාධකරුවා කළ අපරාධය විමසන්නට සිදුවන්නේ අපටය.

ඊළඟ කාලකණ්‌ණිකම වන්නේ මේ මොහොත වනවිට ගල්කොරි කාරයා රුපියල් පනස්‌ දහසක්‌ වැනි දඩ මුදලක්‌ මත බේරාගන්නටත්, දැන් සිනක්‌කුගලේ පුරාවස්‌තු නැති හෙයින් එහි තවදුරටත් ගල් කැඩීමට අවසර දෙන්නටත් දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්‌ කටයුතු කරමින් සිටීමය.

මැදිරිගිරිය දිග්ගල නම් ස්‌ථානයක්‌ ඇත්තේය. මෙම ස්‌ථානයේ ගල්කොරි කාරයෙක්‌ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පුරාණ දාගැබක්‌ කඩා රැයක්‌ පුරා ගඩොල් අදිනලද බව කියන්නේ පුරාවිද්‍යා නිලධාරියෙකි. මේ අපරාධකරුවා ගැන වාර්තාවක්‌ මේ වනවිට පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයේ තිබේ. ඌට දඬුවමක්‌ තබා අවවාදයක්‌වත් නැත.

අප පැහැදිලිව දන්නා පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයන් යෑයි කියාගන්නා අලඡ්ජීන් කිහිපදෙනෙක්‌ ගල්කොරි හිමිකරුවන්ය. සමහරු පස්‌ පර්මිට්‌ හිමි පස්‌ වෙළෙන්දන්ය. සර්වඥ ධාතුත් විකුණන බව කියනා භ්‍රෂ්ඨ හොරුන්ය. ගෙදරක ළිඳක්‌ හාරමින් සිටිනා අසරණයන් අල්ලා ලොකප් කරවා උන්ව නිදහස්‌ කිරීම සඳහා වාර්තා ලබා දෙන්නට අල්ලස්‌ ඉල්ලනා අලඡ්ජීන්ය. ගල්කොරිකාරයන්ගෙන් මුදල් ලබාගෙන, පුරාවස්‌තු ඩීල්කර අර්ථික වත්කම් උපදවාගත් පුරාවිද්‍යා නිලධාරීන් 14 දෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වී තිබෙන්නේය. ඔවුන්ගේ වත්කම් පරීක්‌ෂණ ඉදිරියේදී අල්ලස්‌ හෝ දූෂණ කොමිසම හරහා සිදුවන්නට නියමිත බව වාර්තා වන්නේය.

කාලකණ්‌ණි කම වන්නේ මේ අපරාධ වලට සම්බන්ධ සියලුම අපරාධකරුවන් පුරාවිද්‍යා උපාධිධාරීන් වීමය.

කෙසේ වෙතත් දැනට මේ මහත්වරුන්ට අපට කියන්නට ඇත්තේ ඉතා සරල කතාවකි. පුරාවිද්‍යාව උඹලාට බඩ රස්‌සාව බව සැබෑය. එහෙත් ඉන් ආවරණය වන ජාතියේ උරුමය අපේ ආත්මය හා බද්ධ වුණ හුස්‌ම පොදය. අනාගත පරම්පරාවේ උත්තුංග හිමිකමය. ඒවා සමග මේ තුච්ඡ ගනුදෙනුව තවදුරටත් කරන්නට මේ රටේ බත් කන මිනිසුන් ඉඩ නොදෙන බව අපට විශ්වාසය. නීතිය ක්‍රියාත්මක නොවන විට මතුවන කැලෑ නීතිය ලබාදෙන ප්‍රතිඵල බෙහෙවින්ම බිහිසුණු බවත් කවුරු කවුරුත් සිහියට ගැනීම වැදගත්ය.

තවත් කාරණාවක්‌ තිබේ. මේ කරන නින්දිත අපරාධ වලින් උපයා ගන්නා මුදලින් අහිංසක අඹුදරුවන් පෝෂණය කරත්නම් උන්ට ඒවා පත්තියම් නොවීම යථාර්ථයකි. එහෙත් මේ අපරාධකාරයන්ට හිඟාකන්නට වෙන්නේ අප මුලින් කී ආකාරයට තුම්මුලේ නොවේ. අපායේ දොරටුව අසලය.

ජානක ලියනආරච්චි
http://www.divaina.com/2013/11/24/feature15.html

සබැඳි ලිපි -
[
උරුමය දවා හළු කළ පසු(සුගලා දේවියගේ සොහොන)....!http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.htmlගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.htmlසුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
මොනරාගල පුරාණ රජමහා විහාරයත් නිධන් හොරුන්ගේ ග්‍රහණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7300.html
මැලේසියාවට යෑවීමට සූදානම් කළ පෞරාණික බඩු තොගයක්‌ රේගු දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_16.html
පුලතිසි පුරවර ස්වස්ථික පොකුණට නිධන් හොරුන්ගේ බැල්මhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9415.html
අග්බෝපුර පුරාවස්‌තු භූමියකට ගිනි තියලාhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5268.html
අපේ ජාතික උරුමයක්‌ වූ යෝධ ඇළ දිනෙන් දින වනසයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3.html
කදුරුවෙල මැණික්‌ වෙහෙරට ගිනි තබා හානි කරතිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_986.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6351.html
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
]

0 comments: