Pages

Wednesday, November 27, 2013

බදුල්ලේ ජීවකයෝ සිරුර විවර නොකොට පිළිකාවක් ඉවත් කරති

ji4ගුදමාර්ගයේ සිට අක්මාව දක්වා පැතිරුණු පිළිකාවක් වෛද්‍ය කැමරා ආධාරයෙන් සිරුර විවෘත නොකොට සාර්ථක ලෙස ඉවත් කිරීමට හැකි වී තිබේ. මීට මුල්වූ බදුල්ල මහා රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරුප්පෙරුම මහතා පවසන්නේ මෙවැනි සැත්කමක් ශ‍්‍රී‍්‍ර ලංකා වෛද්‍ය ඉතිහාසයේ සිදුකර ඇත්තේ ප‍්‍රථම වරට බවය. එම පිළිකාව laparos copic Anter ion resection & laparoscopics partical hepatectomy ක‍්‍රමයට ඉවත් කොට තිබේ.

ji1මෙම ක‍්‍රමය නිසා රෝගියාට දැනෙන දැඩි වේදනාව අඩු වන අතර, වහනය වන රුධිරය  ප‍්‍රමාණය බෙහෙවින්ම අඩු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය. මේ රෝගියාගේ ගුද මාර්ගයේ සහ අක්මාවේ පිළිකා දෙකම සිරුර විවෘත කොට සැත්කමකට භාජනය කළේ නම් අඩි එකහමාරක පමණ කැපුම් දෙකක් කිරීමට සිදුවන බව ඔහු පැවැසී ය.

සුමුදු ආරියවංශ
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22186:2013-11-26-08-21-59&catid=34:news&Itemid=62

0 comments: