Pages

Monday, November 25, 2013

රටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාර

යටත් විජිත යුගයේ මෙරටින් පිටුවහල් කරන ලද ජාතික වීරයන් 28 දෙනකුට ගෞරව දැක්‌වීම සඳහා සම්මාන පිරිනැමීමේ ජාතික උත්සවයක්‌ හෙට (26 වැනිදා) පෙරවරු 9.00 ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී 1818 නිදහස්‌ සටනට සහභාගි වීම නිසා මුරුසියට පිටුවහල් කළ ජාතික වීරයන්ගේ පවුල් කිහිපයක ඥතීන්ගේ සහභාගීත්වයෙන් මෙම උපහාර උළෙල පැවැත්වේ.


මවුබිමෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුක දිවියක්‌ ගත කරමින් මියගිය එම විරුවන් 28 දෙනා මෙසේය.

  1. ඇහැලේපොල මහ නිලමේ, මාතලේ දිස්‌ත්‍රික්‌කය, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, ඇහැලේපොල ග්‍රාමය, 
  2. පිළිමතලාවේ මහ නිලමේ, මහනුවර දිස්‌ත්‍රික්‌කය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, පිළිමතලාවේ ග්‍රාමය, 
  3. මත්තෙමගොඩ දිසාව, කෑගල්ල දිස්‌ත්‍රික්‌කය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, මත්තෙමගොඩ ග්‍රාමය, 
  4. ඊරියගම දිසාවේ මහනුවර දිස්‌ත්‍රික්‌කය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, ඊරියගම ග්‍රාමය. 
  5. ඊරියගම රටේ මහත්මයා මහනුවර දිස්‌ත්‍රික්‌කය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, ඊරියගම ග්‍රාමය, 
  6. මීවතුරේ හිටපු ලේකම්- මහනුවර දිස්‌ත්‍රික්‌කය, වැලිගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, මීවතුර ග්‍රාමය, 
  7. කෙම්පිටියේ කෝරාළ- හතර කෝරළය, කෑගල්ල දිස්‌ත්‍රික්‌කය, රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කෙම්පිටිය ග්‍රාමය, 
  8. වල්පලාගොල්ලේ මුහන්දිරම්- මහනුවර දිස්‌ත්‍රික්‌කය, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වල්පලාගොල්ල ග්‍රාමය, 
  9. පිටවල ලේකම්- මහනුවර දිස්‌ත්‍රික්‌කය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, පිටවල ග්‍රාමය, 
  10. හාපත්ගමුව ලොකු මොහොට්‌ටාල- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, හාපත්ගමුව ග්‍රාමය, 
  11. හාපත්ගමුව කුඩා මොහොට්‌ටාල- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, හාපත්ගමුව ග්‍රාමය. 
  12. දේදුනුපිටිය මොහොට්‌ටාල- මහනුවර දිස්‌ත්‍රික්‌කය, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, දේදුනුපිටිය ග්‍රාමය, 
  13. වෑත්තෑවේ හිටපු රටේ රාළ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑත්තෑව ග්‍රාමය, 
  14. කැටකුඹුරේ හිටපු රටේ රාළ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කැටකුඹුර ග්‍රාමය, 
  15. කුරුකොහෝගම කිරිබණ්‌ඩා- මහනුවර දිස්‌ත්‍රික්‌කය, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කුරුකොහෝගම ග්‍රාමය, 
  16. ඉහගම උන්නාන්සේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, හාරිස්‌පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කුරුකොහෝගම ග්‍රාමය, ඉහගම ග්‍රාමය, 
  17. කොහුකුඹුරේ රටේ රාළ- මොනරාගල දිස්‌ත්‍රික්‌කය, මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කොහුකුඹුර ග්‍රාමය, 
  18. දන්ගමුවේ මොහොට්‌ටාල- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, දන්ගමුව ග්‍රාමය, 
  19. වත්තේකැලේ රටේ මහත්මයා- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වත්තේකැලේ ග්‍රාමය, 
  20. රහුපොල පිහන රාළ- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, ඌව- පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, රහුපොල ග්‍රාමය, 
  21. මීගස්‌පිටියේ රටේ රාළ- මොනරාගල දිස්‌ත්‍රික්‌කය, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, මීගස්‌පිටිය/මල්ලැහැව ග්‍රාමය.
  22. ගොඩේගෙදර ඌවේ අදිකාරම- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කොටවෙර උඩගම ග්‍රාමය. 
  23. තලගුණේ හිටපු වන්නකු නිලමේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, තලගුණේ ග්‍රාමය, 
  24. අඹගස්‌පිටියේ නිලමේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වේඬරුව ග්‍රාමය, 
  25. දෙමෝදර මොහොට්‌ටාල- රත්නපුර දිස්‌ත්‍රික්‌කය, ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, දෙමෝදර ග්‍රාමය, 
  26. වෑගොඩපොල රටේ රාළ- මාතලේ දිස්‌ත්‍රික්‌කය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑගොඩපොල ග්‍රාමය, 
  27. වෑගොඩපොල සළුවඩන නිලමේ- මාතලේ දිස්‌ත්‍රික්‌කය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑගොඩපොල ග්‍රාමය.
  28. 1848 නිදහස්‌ සටනට සහභාගී වීම නිසා මලක්‌කාවට පිටුවහල්කරනු ලැබූ ජාතික වීරයෙකි, ගොංගාලේගොඩ බණ්‌ඩා- ගම්පහ දිස්‌ත්‍රික්‌කය, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වනවාසල ග්‍රාමය.
චමින් ද සිල්වා
http://www.divaina.com/2013/11/25/news08.html

0 comments: