Pages

Saturday, November 23, 2013

හොරට තෙල් ගැහුවොත් මෙහෙම කරන්න

පාරිභෝගිකයන් පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නා අවස්ථාවලදී සිදු කරන වංචා සම්බන්ධයෙන් ඒ අවස්ථාවේම පියවර ගැනීමට හැකි වැඩපිළිවෙළක් තෙල් සංස්ථාව විසින් සකස් කොට ඇතැයි ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පවසයි.

තෙල් අඩුවෙන් ගැසීම වැඩි සැකයක් මතු වුවහොත් පාරිභොගිකයාට එම ඉන්ධන හලෙහි කළමනාකරු හමුවී ඒ මොහොතේම පරික්ෂා කරගත හැකි අන්දමට මෙම වැඩපිළිවෙළ සකස් කර ඇති අතර ඒ සදහා තෙල් සංස්ථාව විසින් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් අනුමත කොට ඇති ලීටර් පහේ සුදු යකඩ කෑන් එකක් සෑම ඉන්ධන හලකටම ලබාදී ඇතැයිද ඒම හතා කියයි.

පැමිණිල්ලක් ලද විට ඉන්ධන පිරවුම් හලෙහි කළමනාකරු අදාළ තෙල් සැපයූ පොම්පයෙන් එම සුදු යකඩ කෑන් එකට ඉන්ධන ලීටර් 5ක් සැපයිය යුතු අතර පාරභෝගිකයා හට අදාළ පොම්පයෙන් නිසියාකාරව ඉන්ධන ලීටර් පහ නිකුත් වනවාදැයි යන්න පිළිබද දැකගත හැකිය.

එසේ නොවුණහොත් දුරකථන අංක 0115234234 ඔස්සේ පාරිභොගිකයාට අදාළ ඉන්ධනහල පිළිබද දන්වා ඒ මොහොතේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයේ පාරිභෝගික සේවා ඒකකයට පැමිණිලි කල හැකිය.

http://lankacnews.com/sinhala/news/105105/

1 comments:

Anonymous said...

තවත් වහලා ගහන ක්‍රම තියනවා නේද එව්වට පිලියමක් දීලා නැද්ද