Pages

Saturday, November 30, 2013

ඒකාධිකාරිය බින්දොත් පිළිකා එන්නතේ මිල භාගයක්‌ අඩුවෙයි

පිළිකා එන්නත් ඒකාධිකාරිය බිඳ දමන්නේ නම් "නැබ් පැක්‌ලිටැක්‌ස්‌ල්" (Nab Paclitaxl) නම් ඖෂධය රුපියල් තිස්‌අටදහසක මිලකට වෙනත් ඖෂධ සමාගම්වලින් ගත හැකි බව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

මෙම ඖෂධය මෙතෙක්‌ කලක්‌ මිලදීගෙන ඇත්තේ රුපියල් හැත්තෑතුන්දහසක්‌ වැනි මිලකට යෑයි ද එම නිලධාරියා කියා සිටියේය.

රෝගී ළමුන්ට ලබාදීම සඳහා පිළිකා රෝහලට මිලදීගෙන තිබූ ඖෂධ සොරකම් කර යළි වෛද්‍ය සැපයුම් අංශයට විකුණූ ජාවාරමට සම්බන්ධ අසාදුගත ලේඛනගත කළ (black list) සමාගම මෙතෙක්‌ කලක්‌ මෙම ඖෂධය වටිනාකමට වඩා දෙගුණයක මිලකට ලබාදී ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

මෙම ඖෂධ ඒකාධිකාරය බිඳ දමා අලුත් ඖෂධ සමාගම්වලට ලියාපදිංචිවීමට අවසර ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළ ද අදාළ ඒකාධිකාරය පවත්වාගෙන යන සමාගම් විසින් උපක්‍රම දමා ඒකාධිකාරය රැකගැනීමට කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියේය.

කඩිනමින් නව සමාගම් ලියාපදිංචි කර අඩු මිලට පිළිකා ඖෂධ ලබාගැනීම හරහා වසරකට රුපියල් මිලියන තුන්සියයක මුදලක්‌ ඉතිරි කරගත හැකි බවද වෛද්‍ය සැපයුම් අංශය ගණන් බලා ඇත.

ශිරාන් රණසිංහ 
http://www.divaina.com/2013/11/30/news03.html

0 comments: