Pages

Thursday, November 28, 2013

ක්‍රෙඩිට් කාඩ් වංචාවට මුසලුවා වසර 06 ක් හිරේට

වෙනත් අයකුගේ ක්‍රෙඩිට් ණය කාඩ් පත් භාවිතා කරමින් ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයකුට වසර 06 ක සිරදඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක දඩ මුදලක් ගෙවීමට ‍කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා බදාදා (27) නියෝග කළේය. මෙලෙස දඩුවම් නියම වූයේ මොහොමඩ් රියාල් මොහොමඩ් ඉර්ෂාඩ් නැමැත්තෙකුටයි. ඔහු අංක 15/72 ස්ටුවට් වීදිය, කොළඹ 02 ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට එක් එක් චෝදනාවට වසර 2 බැගින් වසර 6 ක සිර දඬුවමක් නියම කරන ලදී. එය වසර දෙක කදී එකවර ගෙවීයන පරිදි නියම කරන ලද අතර සිර දඬුවම වසර 10 ට අත්හිටුවන ලදී. 

එසේම එක් එක් චෝදනාවලට රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ 3 ක දඩයක් නියම කරන ලදී. දඩය නොගෙව්වොත් මාස 12 බැගින් මාස 36 සිරදඬුවම් නියම කරන ලදී.

නිශානි ලසිතා හේරත්
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22306:-06-&catid=34:news&Itemid=62

0 comments: