Pages

Monday, November 25, 2013

යුරෝපා සංගමය යුක්රේනයට තර්ජනය කරනවා – පුටින්

යුරෝපා සංගමය සමග වෙළඳ ගිවිසුමකට එළඹීම යුක්රේනය විසින් අත්හිටුවීමෙන් අනතුරුව ඔවුන් යුක්රේනය වෙත තර්ජනය කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ශාන්ත පීටර්ස්බර්ග්හිදී තුර්කි අගමැති රෙසෙප් ටායිප් එර්ඩෝගන් සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ යුක්රේනය එම ගිවිසුමට අත්සන් නොතබන්නේ නම් රට තුළ දැවැන්ත උද්ඝෝෂණ ඇති කිරීම දක්වා වන විවිධ තර්ජනය කිරීම් හා පීඩනය එල්ල කිරීම් සිදුවෙමින් පවතින බවයි.

යුරෝපා සංගමය සමග අත්සන් තැබීමට නියමිතව තිබූ වෙළඳ ගිවිසුම තාවකාලිකව අත්හිටවූ බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් තවත් දින කිහිපයකින් යුක්රේන පාර්ශ්වයේ ස්ථාවරය පැහැදිලි වනු ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

යුක්රේන ජනාධිපති වික්ටර් යානුකොවිච් විසින් යෝජනා කළ ත‍්‍රිපාර්ශවීය සාකච්ඡ සඳහා සහභාගි වීමට රුසියාව කැමැත්ත පළ කර ඇති අතර මෙමගින් යුරෝපා සංගමයේ ප‍්‍රවේශය පැහැදැලිව දැකගත හැකිවනු ඇති බව පුටින්ගේ අදහසයි.

ගිවිසුම අත්හිටුවීම රුසියානු බලපෑමෙන් සිදුවූවක් බව යුක්රේන ජනාධිපතිවරයා හා ලිතුවේනියානු ජනාධිපතිවරයා අතර සිදුවූ දුරකථන සංවාදයකින් පසු හෙළිදරව් වූ බව පැවසූ මාධ්‍යවේදියකුට පිළිතුරු ලෙස රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳ සැබෑ තතු විමසීම ඔත්තු බැලීම් වලට දක්ෂ ඇමරිකානු මිතුරන් වෙතින් විමසිය හැකි බවයි.

යුරෝපා සංගමය සමග ගිවිසුම අත්හිටුවීම සමග යුක්රේනය හා රුසියාව අතර බදු රහිත ආනායන අපනයන ගිවිසුමකට අවස්ථාව උදාවී ඇති අතර එය දෙපාර්ශ්වයටම වාසි සහගත වන බව පුටින් පවසා තිබේ.

නමුදු එම ගිවිසුම පවතින අතරවාරයේදී යුක්රේනය යුරෝපා සංගමය සමගත් නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුනහොත් එමගින් රුසියානු කර්මාන්ත විනාශ වී යාහැකි නිසා තමන් සමග පැවති ගිවිසුම අහෝසි කිරීමට සිදුවන බවද ඔහු පවසා ඇත.

http://lankacnews.com/sinhala/foreign-news/105215/

0 comments: