Pages

Thursday, November 28, 2013

මුසලු සුන්නි ෂියා වර්ග ගැටුම | ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සවුදි අරාබියට පරමාණු බෝම්බ

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බලවතුන් සමග එකගතාවයකට පැමිණීම සමග සවුදි අරාබිය පාකිස්ථානයෙන් පරමාණු බෝම්බ ලබාගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

සවුදි අරාබියේ ෂූරා කවුන්සිලයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති අබ්දුල්ලා අල් අස්කර් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය සමග ජර්මනිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ගත් තීරණයෙන් තමන් කනස්සල්ලට පත්වූ බවයි.

ඉරානය තමන්ට අවශ්‍ය දේ ලබාගන්නට යම් කිසිවක් අත්හරින්නට තීරණය කරන්නට ඇති බව ඔහුගේ අදහසයි.  එමනිසා කලාපීය දේශපාලනය තුළ ඉරානයට අවකාශයක් සැලසීම අනතුරුදායක බව අස්කර් පවසා තිබේ.

බටහිර ජාතීන් සමග ඇතිකරගත් සම්මුතිය හරහා ඉරානය විසින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම වැළැක්විය නොහැකි වන්නේ නම් තර රටද පරමාණු බෝම්බ ලබාගැනීමට සූදානම් බව ඔහු පවසා ඇත.  නේටෝ ආරංචි මාර්ග උපුටමින් පසුගිය මසදී බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ තමන්ට අවශ්‍ය න්‍යෂ්ටික අවි ලබාගැනීම සඳහා සවුදි අරාබිය පකිස්ථාන න්‍යෂ්ටික ව්‍යාපෘතීන්හි ආයෝජනය කර ඇති බවයි.

1980 දශකයේ සිටම න්‍යෂ්ටික අවි හිසක් රැගෙන යා හැකි මිසයිල තාක්ෂණය සවුදි අරාබිය සතු බව පැවසේ.  ඊශ‍්‍රායලයේ හිටපු බුද්ධි අංශ ප‍්‍රධානි අමෝස් යාඞ්ලින් පවසා ඇත්තේ බෝම්බය සඳහා අවශ්‍ය ගෙවීම් මේ වන විටත් සිදුකර අවසන් බවයි.  සවුදි අරාබියානුවන් පකිස්ථානයට ගොස් තමන්ට අවශ්‍ය දේ ගෙන එනු ඇතැයි ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/105407/

0 comments: