Pages

Monday, November 25, 2013

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව රජයෙන් යුද අපරාධ චෝදනා

ලබන මාර්තු මස ජිනීවා නුවර ආරම්භ වන මානව හිමිකම් සමුළුවට බ්‍රිතාන්‍ය රජය ගෙන ඒමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර යෝජනාවට ප්‍රතිචාර වශයෙන් කොටි සංවිධානයේ එකම නියෝජිත ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

රජය මෙම පියවර ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුද අපරාධ ජාත්‍යන්තර යාන්ත්‍රණය ගැන සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායකයන්ට ලන්ඩන් නුවරට ඇරයුම් කිරීමය.

ද්‍රවිඩ සංධානය සහ කොටි සංවිධානය අතර පැවැති සබඳතා සහ දුන් උපදෙස්‌ මෙන්ම ප්‍රභාකරන් නම් කළ අය ද්‍රවිඩ සන්ධානයට ඇතුළු කරලීම ඇතුළු තොරතුරු දැක්‌වෙන රහස්‌ ලියවිලි මුල්ලිවයික්‌කාල්හි කොටි බංකරයක තිබී හමු වී ඇත.

මෙම බංකරය පාලනය කර ඇත්තේ කොටි ජාත්‍යන්තර දේශපාලන අංශයේ ප්‍රධානී කස්‌ත්‍රොයි. එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පිහිටුවීමට ක්‍රියාකරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කැමරන් වෙත ප්‍රකාශ කර තිබිණි.

එහෙත් කැමරන් ලන්ඩන් නුවරට යැමෙන් පසු එකී සත්‍ය සෙවීමේ කොමිසම ප්‍රතික්‍ෂේප කර ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයක්‌ පිහිටුවන බව පවසා ඇත.

මේ හැර බ්‍රිතාන්‍ය සමාගම් විසින් කොටි සංවිධානයට විද්යුත් උපාංග - ගුවන් ධාවනය සඳහා භාවිතකරන උපකරණ හා දිය යටින් යා හැකි විශේෂිත වූ ස්‌කූටර් සපයා ඇති බවට සාක්‍ෂි සහිතව මානව හිමිකම් සමුළුව වෙත කරුණු දැක්‌වීමටද රජය ක්‍රියා කෙරේ.

"බ්‍රිතාන්‍ය යෝජනාවට අපි මුහුණ දෙනවා. එතනදී ත්‍රස්‌තවාදයට සහාය වූයේ කව්දැයි හෙළි වෙයි" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/24/news04.html

0 comments: