Pages

Thursday, November 21, 2013

නින්දවුර් - ඇත්තම කතාව | පල්ලි වලට දන්වා අපරාධකරුවන් සෙවීමේ සිරිතක්‌ ලංකාවේ නැත

මේ රට ලේ විලක්‌ද? ලංකාව කිරි සයුරක්‌ නොවූවත් ලේ විලක්‌ නොවේ. 1983 දී ආරම්භ වූ ලේ ගංගා ගලායැම 2009 නන්දිකඩාල් කලපුවෙන් නිමා කරන ලදී. අද මේ රටේ මිනිස්‌ ලේ තිබිය යුත්තේ තැන් දෙකක පමණි. ඉන් පළමුවැන්න ලේ බැංකුවය. දෙවැන්න මනුස්‌ස ශරීර කූඩු සමූහයය. ඉන් එහා ලේ ගලතොත් ඒ හදිසි අනතුරකදී සිදුවන තුවාලයකිනි. සැත්කමකිනි. බරවා පරීක්‍ෂණය සඳහා ලේ ගැනීමද මෙයටම ඇතුළත් කරමු. එයින් එහා ලේ හෙල්ලීමට කිසිවකු තැත් කරතොත් ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගතයුතු බව මතක්‌ කරමින් අද මේ තීරුව අරඹනු ලැබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කල්මුණේ සහ අක්‌කරපත්තුව අතර මාර්ගයෙහි නින්දවුර් නමැති ගම්මානයක්‌ පිහිටා ඇත. සමුද්‍රසන්න ගමක්‌ වන මෙහි අසල්වැසියන් වන්නේ දකුණින් පිහිටි අරසාද් සහ උතුරින් පිහිටි කරතිවුය. කරතිවු ගමට අල්ලපු ගම සමන්තුරේය. අරසාදියට අල්ලපු ගම ඔලුවිල්ය. මේ සියල්ල අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත්ය. නින්දවුර් ගම මෙයට තෙදිනකට පෙර යුද පිටියක්‌ බඳු විය. ප්‍රදේශවාසී ඉස්‌ලාමීය ප්‍රජාව දහස්‌ ගණනින් ප්‍රධාන මාර්ගයට රැස්‌ව පාර මැද ටයර් පුච්චමින් ගමනාගමනයට බාධා කර ප්‍රදේශය "සීල්" කළේය. හෙවත් ප්‍රදේශයට ඇතුළු වීමටත් ප්‍රදේශයෙන් පිටවීමටත් බැරිවන තත්ත්වයක්‌ ඇති කළේය. ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ ලැබුණේ මාධ්‍යකරුවන්ට පමණි. එහි අර්ථය වූයේ රටට කීමට කතාවක්‌ නින්දවුර් ජනතාවට තිබෙන බවය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ අපට කියූ පරිදි ඒ කතාව මෙසේය, පසුගිය දිනවල නින්දවුර් ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රි කාලයේදී සොරු ඇතුළු වූහ. (මේ ප්‍රදේශයේ නිධන් හාරන කතන්දරයක්‌ද තිබේ. එය අප දන්නා කතාවය) මේ නිසා ප්‍රදේශයේ වැසියෝ මහත් කලබලයට පත්ව සිටියහ. මේ අතර මෙයට දින කිහිපයකට පෙර නිල ඇඳුම් ඇඳගත් විශේෂ කාර්ය බළකායේ සිවුදෙනෙක්‌ ප්‍රදේශයේ තත්ත්වය පිරික්‌සීමට නින්දවුර් වෙත ගියහ. ඔවුන් සමඟ නිල ඇඳුම් නොවන සිවිල් ඇඳුම් ඇඳගත් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක්‌ද වූහ. ගම තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම සඳහා සිවිල් නිලධාරීන් දෙදෙනා පැමිණියේය යන්න සැකකළ ප්‍රදේශවාසීහු පැය 36 ක විරෝධතාවක්‌ දියත් කර විශාල ජරමරයක්‌ කළහ. (පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගේ කතාව මෙතැනින් නිමය)

දැන් අපේ කතාවට බසිමු. මෙය යකාගේ වැඩකි. සිවිල් ඇඳුම් වලින් සැරසී ගමන් කිරීමට පොලිසියට හා විශේෂ කාර්ය බළකායට අයිතියක්‌ නැද්ද? ඔවුන් පැය 24 ම නිල ඇඳුම ඇඳ සිටිය යුතුද? නිවාඩුවට ගෙදර යන ඔවුන් සිය බිරිය ඉදිරිපිට පෙනී සිටිය යුත්තේ නිල ඇඳුමෙන්ද? ඔහුගේ දරුවන්ට තාත්තා සිවිල් ඇඳුමින් දැකීමේ අයිතියක්‌ නැද්ද? ඔවුන් නිල ඇඳුම් ගැලවිය යුතු සහ සරමට බැසිය යුතු වෙලාව තීන්දු කරන්නේ නින්දවුර් ගමේ ජීවත්වන අපගේ සහෝදර මුස්‌ලිම් ප්‍රජාවද?

ඊළඟ යකාගේ කතාව මෙසේය. නින්දවුර් අවට කැරකෙන මුස්‌ලිම් මන්ත්‍රී කෙනෙක්‌ සිටියි. ඔහු කියා ඇත්තේ මින්පසු නින්දවුර් ගමට එන පිටස්‌තරයන් ප්‍රදේශයේ පිහිටි මුස්‌ලිම් පල්ලියට දැනුම් දිය යුතු බවය. මේකා පාර්ලිමේන්තුවට පත් කර යෑවූ ඡන්ද දායකයන්ගේ පස්‌ස පැත්තට මඩු වලිගවලින් පහර දිය යුතු බව අපගේ නිර්දේශයයි. මුස්‌ලිම් මන්ත්‍රීගේ නීතිය මැදපෙරදිගවත් නැති නීතියකි. පල්ලි පන්සල් හෝ පොලිසිවලට දන්වා ප්‍රදේශයකට ඇතුළු වීමේ සිරිතක්‌ ලංකාවේ නැත. මේ රටට අයත් වර්ග සැතපුම් 25332 ක ප්‍රමාණය තුළ ඕනෑම වැසියකුට ඕනෑම ආකාරයකට (නිරුවතින් සහ අවි ආයුධ ලෙලවමින් හැර) ඇතුළු විය හැකිය. අපගේ දෙමළ සහෝදරයන් තුළ අප ගැන ඇති කළ අවිශ්වාසය හා ක්‍රෝධය වැනි යමක්‌ අපගේ මුස්‌ලිම් සහෝදරයන් තුළද ඇති කිරීමේ අවශ්‍යතාවක්‌ කාලකණ්‌ණි - අලුගුත්තේරු නීච දේශපාලනඥයන් තුළ හටගෙන ඇති බව පෙනෙයි. මතක තබාගන්න මිත්‍රවරුනි මේ රට යළිත් ලේ ගංගාවක්‌ වීමට කිසිදු ඉඩක්‌ නැත.

http://www.divaina.com/2013/11/21/editor.html

සබැඳි ලිපි -
[
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html

]

0 comments: