Pages

Saturday, November 30, 2013

සත්‍ය සෙවීමේ කොමිසමට දකුණු අප්‍රිකාවේ සහාය

වන්නි මෙහෙයුම සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය යෝජනා කළ සත්‍ය සෙවීමේ කොමිසමට සහාය දැක්‌වීමට දකුණු අප්‍රිකානු ජනාධිපති ඡේකබ් සුමා මහතා කැමැත්ත පළකර ඇත.

ඒ සඳහා පූර්ණ සහාය සහ අවශ්‍ය සැලසුම් ශ්‍රී ලංකා රජයට ලබාදීමට ක්‍රියාකරන බව දකුණු අප්‍රිකානු රජය ඊයේ (29) මෙරටට දැනුම් දී තිබේ.

මෙම සත්‍ය සෙවීමේ කොමිසම ගැන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සන්ධානයෙන්ද අදහස්‌ විමසා ඇති අතර ඉන්දියාවේ අදහසද විමසන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙම කොමිසම පත්කර විමර්ශන කටයුතු කිරීමට වසර 1 1/2 ක්‌ පමණ ගතවනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

එහෙත් කොටි ඩයස්‌පෝරාව මෙම කොමිසමට එරෙහි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/30/news12.html

0 comments: