Pages

Thursday, November 21, 2013

බීරූට්‌ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කළේ අල්කයිදාට සම්බන්ධ අබ්දුල්ලා අසාන් කණ්‌ඩායම

ලෙබනනයේ බීරූට්‌ නගරයේ ඉරාන තානාපති කාර්යාලය ඉදිරියේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක්‌ දියත් කර ඇත්තේ අල්කයිදා සංවිධානයට සම්බන්ධ අබ්දුල්ලා අසාන් කණ්‌ඩායම යෑයි හෙළි වී ඇත.

මෙම ප්‍රහාරයෙන් විසිතුන්දෙනකු මියගොස්‌ ඇතැයි බීරූට්‌ නිලධාරීහු පවසති. මින් එක්‌ බෝම්බයක්‌ පුපුරුවාගෙන ඇත්තේ යතුරු පැදියකින් පැමිණි ත්‍රස්‌තයෙක්‌ යෑයි ලෙබනන් නිලධාරීහු සඳහන් කර ඇත.

අනෙක්‌ ත්‍රස්‌තයා පැමිණ ඇත්තේ මෝටර් රියක යෑයි හෙළි වී තිබේ. මෙම බෝම්බ පිපිරීමෙන් 146 ක්‌ තුවාල ලබා ඇත. 

මෙහිදී ඉරාන තානාපති නිලධාරියකු වූ ඉබ්‍රහම් අන්සාරි ද මිය ගොස්‌ ඇතැයි ලෙබනනයේ ඉරාන තානාපතිවරයා පැවසීය. මෙකී මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් සිදු වී ඇත්තේ හිස්‌බුල්ලා සංවිධානය පාලනය කරන ප්‍රදේශයේ යෑයි සහන සේවකයෝ කියා සිටී. මේ අතර ඉදිරි කාලයේදී ද මෙවැනි බෝම්බ පුපුරුවන බවට එකී සංවිධානය අනතුරු අඟවා ඇත. හිස්‌බුල්ලා සංවිධානය සිරියානු රජයට සහාය දක්‌වයි. අල්කයිදා සංවිධානය සිරියානු රජයට එරෙහි කැරලිකරුවන්ට සහාය දක්‌වන බව හෙළි වී ඇත.

http://www.divaina.com/2013/11/21/forign01.html

0 comments: