Pages

Wednesday, November 20, 2013

එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රී

‘දුම්වැටි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තවමත් අධිකරණයේ සාකච්ඡා වෙමින් පවතින බැවින් මේ ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි කියලා තමයි මට කියන්න වෙන්නේ’ යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කුරුණෑගල දී ප‍්‍රකාශ කළේය.

කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සායනික සංගමයේ වාර්ෂික පුහුණු වැඩමුළුවේ අවසන් දින උත්සවය විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

‘අද අපි දුම්වැටි පිළිබද බරපතල අභියෝගයකට මුහුණදී සිටිනව. අද අධිකරණය තුළ දුම්වැටි සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කල ගැසට් නිවේදනය වලංගුද නැද්ද නීත්‍යානුකූලද නැද්ද යන්න ගැන දවසින් දවස නඩු වාර සාකච්ඡවට ගැනෙමින් පවතිනවා.

එංගලන්තයේ සහ ඇමෙරිකාවේ ඉන්න සුදු මහත්වරු අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනව මේ නීතිය ගෙනාවේ දුම්වැටි නිසා අපේ රටේ අවුරුද්දකට මැරෙන විසිදහසක් පමණ වූ මිනිසුන් බේරා ගන්නයි’

http://lankacnews.com/sinhala/news/104955/

සබැඳි ලිපි -
[

දුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: