Pages

Friday, November 29, 2013

ඉන්දියන් සාගරයේ නාවික බලය එක්‌තැන් කළ 'ගාලු කතිකාව'

දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව උදෙසා සුවිශාල මෙහෙයක්‌ ඉටු කිරීමේ ප්‍රධාන වගකීමක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

එහිලා නාවික හමුදාවට ඉටු කිරීමට තිබෙන කාර්යභාරයද අති මහත් ය. දශක තුනක යුද්ධය අවසන් නිසා රට අභ්‍යන්තරයෙහි ආරක්‍ෂක කටයුතුවල නිරතවීම සහ සංවර්ධනයට දායක වීම යුද හමුදාව සතුව ඇත. එහෙත් නාවික හමුදාවට මුහුදේ පැවරී තිබෙන වගකීම් හා රාජකාරින් බහුල වී ඇත.

එල්.ටී.ටී.ඊ. ය විසින් ගෙන ගිය ත්‍රස්‌තවාදී යුද්ධය නිසා මහ සයුරේ සිදු වූ මුහුදු කොටි සටන් හේතුවෙන් නාවික හමුදාවට එල්ල වූ තර්ජනය දැන් අවසන් වී ඇතත්, වෙනත් නීති විරෝධී මුහුදු ක්‍රියාකාරකම් මැඬලීමේ අභියෝගය නාවික හමුදාව හමුවේ පවතී.

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සිදුවන අනවසර මසුන් මැරීම, ඔස්‌ටේ්‍රලියාව බලා නීති විරෝධී සංක්‍රමණික මිනිස්‌ ජාවාරම, මුහුද ඔස්‌සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ප්‍රවාහනය මැඬලීම මෙන්ම කලාපීය මුහුදේ බහුලව සිදුකෙරෙන මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව නාවික ආරක්‍ෂක මෙහෙයුම්වල නිරත වීම නාවික හමුදාවට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරි වෙති.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය රාජකාරි ඉතා සාර්ථකව සිදු කරගෙන යන බව අද විදෙස්‌ රටවල පවා ඇගයීමට ලක්‌ වී ඇත. ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා පසුගියදා නාවික හමුදාවේ සේවය මහත් ඇගයීමට ලක්‌ කිරීම තුළින් ඒ බව මනාව තහවුරු වේ.

ඉන් අනතුරුව ඉකුත් 25, 26 දිනවල පැවැති 'ගාලු කතිකාවත 2013'  අන්තර් ජාතික නාවික හා සාගරික ආරක්‍ෂක සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳව තවත් නිදසුනකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධානත්වයෙන් සිදුකල කළ මෙම සම්මන්ත්‍රණය මෙවර සිව්වැනි වරටත් අති සාර්ථක ලෙස පැවැත්විණි. 2010 වසරේ රටවල් 11 ක නියෝජිතයන් සහභාගි වූ අතර, 2011 වසරේ රටවල් 19 කද, 2012 වසරේ රටවල් 28 කද නියෝජිතයන්a ඊට සහභාගි වූහ. මෙවර රටවල් 35 ක නියෝජිතයෝ සහභාගි වීමෙන් වසරින් වසර මෙම සම්මන්ත්‍රණයට හිමිවන විදෙස්‌ ප්‍රතිචාර සහ පිළිගැනීම වැඩිවෙමින් පවතින බව පෙනී යයි.

'ඉන්දීය සාගර කලාපයේ මතුවෙමින් පවතින ප්‍රවණතා' යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයට ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඩී. කේ. ජෝශි සහභාගි වීම විශේෂ සිදුවීමක්‌ විය. මෙය දෙරට අතර නාවික සබඳතා තහවුරු කිරීමට හේතු වන බව මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව කෙරෙහි ඉන්දීය නාවික හමුදාව දක්‌වන ප්‍රසාදය හා පිළිගැනීම තහවුරු කිරීමක්‌ බව දෙස්‌ විදෙස්‌ දේශපාලන හා ආරක්‍ෂක විචාරකයෝ පෙන්වා දෙති.

21 වැනි ඉන්දීය නාවික හමුදාපතිවරයා ලෙස ඉකුත් අගෝස්‌තු 31 වැනි දින වැඩ භාර ගත් අද්මිරාල් දේවේද්‍ර කුමාර් ජෝශි සබ්මැරීන් නාශක යුද කටයුතු පිළිබඳ විශේෂඥයකු වේ. සිය වසර 38 ක දීර්ඝ සේවා කාලය තුළ ඔහු විධාන මාණ්‌ඩලික හා උපදේශක තනතුරු රැසක්‌ ඉසිලූ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

අද්මිරාල් ජෝශි මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරයේදී "ආසියානු පැසිපික්‌ කලාපයේ සාගරික කටයුතු පිළිබඳ මතුවෙමින් පවතින අවධානය සහ ඉන්දීය දැක්‌ම" යන මැයෙන් විශේෂ දේශනයක්‌ ද පැවැත්වීය.

සම්මන්ත්‍රණයේ ආරම්භක ප්‍රධාන දේශනය පැවැත්වූ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය දේශනයේදී ඉන්දියාව සම්බන්ධව මෙවන් ප්‍රකාශයක්‌ කළේය.

"ඉන්දියාව ශ්‍රී ලංකාවේ ළඟම අසල්වාසී රට වගේම අපේ කලාපයේ ඉතා වැදගත් රටක්‌. කාලයෙන් කාලයට අප දෙරට අතර ද්විපාර්ශ්වීය ගැටලු ඇති වුණත් අපේ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්‌කෘතික සබඳතා ඈත අතීතයට දිව යනවා. ඒ වගේම එම සබඳතා ඉතා විශිෂ්ටයි.

ඉන්දියාව ගැන එසේ සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දියාව සහ චීනය කලාපයේ මුහුදු බලය තහවුරු කර ගැනීමේ උපායශීලී තරගකාරිත්වයක නිරතව සිටින බව ද අවධාරණය කර සිටියේය.

මෙම සියලු තත්ත්වයන් යටතේ කලාපීය රටවල සුහදත්වය දිනා ගනිමින් තම කාර්යභාරය ඉටුකිරීමේ වගකීම වටහා ගෙන සිටින නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව කරගෙන යන නාවික මෙහෙවරට නිහඬව සහයෝගය හා දායකත්වය සපයන තවත් පුංචි නාවික හමුදාවක්‌ ශ්‍රී ලංකාවේ ඇත. ඒ ගැන අපේ රටේ ජනතාව තවම හරිහැටි නොදැන සිටීම කනගාටුදායකය. දූපත් රටක්‌ වන ශ්‍රී ලංකාවේ සාගර ආරක්‍ෂාවට බොහෝ වැදගත් වන නාවික හමුදා කාර්යභාරයන්ට සහායක්‌ මෙන්ම නාවික හමුදාවේ විෂය පථයන්ට එහා ගිය වැදගත් මෙහෙවරක්‌ ඇතැම් අවස්‌ථාවල මෙම පුංචි නාවික හමුදාවෙන් ඉටුවන අවස්‌ථා ද ඇත.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හෙවත් වෙරළ ආරක්‍ෂක බළකාය ලෙස ක්‍රියාත්මක මෙය නාවික හමුදා නිලධාරීන්ගෙන් සහ නැවියන්ගෙන් සමන්විත ආයතනයකි. මෙහි වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්‍ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන රියර් අද්මිරාල් රවි විෙ-ගුණරත්න ය.

මෙහි ඉතිහාසය සැලකීමේදී මහින්ද චින්තනයේ 46 වැනි පිටුවේ මෙසේ සඳහන්ව ඇත.

"අප අවට ඇති සාගර සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපි තවමත් අසමත්ව සිටිමු. මේ තත්ත්වය පිටුදකිමින් ජපානය, තායිලන්තය වැනි රාජ්‍යයන් ධීවර කර්මාන්තයේ ලබා ඇති දැවැන්ත ප්‍රගතිය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා අලුතින් සිතන්නටත්, ක්‍රියාකරන්නටත් මම අදිටන් කර ගතිමි. මා ධීවර ඇමැතිව සිටි කාලයේ ඒ අරමුණ ජය ගැනීම සඳහා සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමි. මා විසින් ආරම්භ කරන ලද වෙරළාරක්‍ෂක හමුදාව වඩාත් ශක්‌තිමත් කරමින් අප රටේ සාගර සම්පත් සුරැකීමට පියවර ගන්නෙමි."

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, 'මහින්ද චින්තනය' මගින් එදා ප්‍රකාශ කර සිටි පරිදි අද වන විට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ශීඝ්‍ර වර්ධනයකට ලක්‌ කිරීමට ජනාධිපතිවරයාගේ දැක්‌ම පරිදි ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත.

"සාමකාමී සමුද්‍රයීය පරිසරයක්‌ තුළින් ජාතික සුබ සිද්ධි ආරක්‍ෂා කිරීම" යන දැක්‌ම යටතේ 2000 වසරේදී එවක ධීවර ඇමැතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කරන ලද වෙරළාරක්‍ෂක හමුදාවේ ප්‍රථම ප්‍රධානියා ලෙස විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන ලුතිනන් කමාන්ඩර් සී. ආර්. බුලේගොඩ ආරච්චි කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පරමාර්ථය සහ කාර්යය මෙසේ වේ.

ආයතනයේ පරමාර්ථය

ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන නීති විරෝධී ආගමන හා විගමන වැළැක්‌වීම සඳහාත්, මත්ද්‍රව්‍ය සහ ජාවාරම් කිරීම වැළැක්‌වීම සඳහාත්, තහනම් බඩු සහ අවි ආයුධ සොයා ගැනීම සහ තහනමට ගැනීම සඳහාත්, මුහුදේදී ආපදාවලට ලක්‌වන නැව් වලට සහ එම නැව් වල සිට සොයා ගනු ලබන තැනැත්තන් සඳහා සහාය ලබාදීම සඳහාත්, සමුද්‍රීය ගමනාගමනයෙහි සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට සහාය වීම සඳහාත්, සමුද්‍රීය පරිසරය ආරක්‍ෂා කිරීම සඳහාත්, සමුද්‍රීය ව්‍යසනයන් වැළැක්‌වීම සහ පාලනය කිරීමට කටයුතු කිරීම සඳහාත්, දේශීය සහ විදේශීය සංවිධාන සමඟÊසහයෝගයෙන් කටයුතු කිරීම සඳහාත්, එකී සියලු විෂයය පථයන්වල ජාතික සුභසිද්ධිය ආරක්‍ෂා කිරීමේ කාර්යය සඳහා සහ එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජාතික ආර්ථිකය සහ ජාතික ඒකාග්‍රතාවය ආරක්‍ෂා කිරීම සඳහාත් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යය

* ශ්‍රී ලංකා වෙරළ තීරයේ නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්‌වීම සහ මුහුදේදී සහාය ලබාදීම ද ඇතුළුව ධීවරයන් ආරක්‍ෂා කිරීම.

* නීති විරෝධී භාණ්‌ඩ ජාවාරම් කිරීමට එරෙහිව සහ ආගමනයනට එරෙහිව කටයුතු කිරීම සහ රේගුව සහ වෙනත් අදාළ අධිකාරීන්ට සහාය ලබාදීම.

* මුහුදේ දී සිදුවන මුහුදු කොල්ල නැවැත්වීම හෝ කළමනාකරණය කිරීම සඳහා පියවර ගැනීම.

* සමුද්‍රීය කලාපවල සහ ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයේ සිදුවන විනාශකාරී ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා නීතිය බලාත්මක කිරීමේ ආයතන සහ සන්නද්ධ හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

* මුහුදු සීමාවෙන් පිට සිදුවන මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැළැක්‌වීම.

* මුහුදේදී ජීවිත හා දේපළ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාළ බලධාරීන්ට සහාය වීම.

* ස්‌වාභාවික ව්‍යසනයන් සිදුවූ අවස්‌ථාවලදී මිනිසුන් සෙවීම සඳහා සහභාගි වීම සහ ආරක්‍ෂා කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ එකී ව්‍යසන සහ මුහුදේ සිදුවන වෙනත් අනතුරුවලින් පසුව යාත්‍රා ගලවා ගැනීමේ සහ වෙනත් භාණ්‌ඩ සම්බන්ධයෙන් වූ මෙහෙයුම් සඳහා සහාය වීම.

* සමුද්‍රdසන්න සහ සමුද්‍රීය පරිසරය සංරක්‍ෂණය සහ ආරක්‍ෂා කිරීම සඳහා සහාය වීම.

* සමුද්‍ර දූෂණය සහ මුහුදේදී සිදුවන වෙනත් ව්‍යසන වැළැක්‌වීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එම කටයුතු නියාමනය කිරීමට සහාය දීම.

* සමුද්‍රීය සත්ත්ව හා ශාක විශේෂ සංරක්‍ෂණය කිරීම.

* ස්‌වාභාවික ව්‍යසන අවස්‌ථාවලදී ගුවන් විදුලි හෝ වෙනත් ක්‍රම මගින් අනතුරු ඇඟවීම් ලබා දීම ද ඇතුළුව තොරතුරු ව්‍යාප්ත කිරීම.

* රජය විසින් දෙපාර්තමේන්තුව වෙත කලින් කල ලබාදෙනු ලැබිය හැකි හෝ පවරන ලද කාර්යයන් ඉටුකරලීම.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙවර ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

සමුද්‍රීය පරිසරයේ ආරක්‍ෂාව, සුරක්‍ෂිතතාවය, පවිත්‍රතාවය, සහතික කිරීම, බලාත්මක සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීම, ජෛව විවිධත්ව කළමනාකරණය, ස්‌වාභාවික හා මිනිසා විසින් නිර්මාණය කරනු ලබන ව්‍යසනයන් කළමනාකරණය සහ ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම මෙන්ම සමුද්‍ර පරිසරය සුරක්‍ෂිත කිරීම තුළින් පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම හා සමුද්‍ර දූෂණය වැළැක්‌වීම.

ඉහත කරුණු අනුව මෙම වෙරළාරක්‍ෂක බළකායේ (ඤsඒක ඨම්රා) වැදගත්කම කොතරම් ද යන්න මනාව පැහැදිලි වේ.

වෙරළබඩ මුහුදු තීරයේ දිය නෑමේ නිරත විදෙස්‌ සංචාරකයන් ඇතුළු විශාල ගණනකගේ ජීවිත බේරා ගැනීමේ ජීවිතාරක්‍ෂක සේවයක්‌ ද මෙම බළකාය විසින් පවත්වා ගෙන යයි. එමෙන්ම ජීවිතාරක්‍ෂක භටයන් පුහුණු කිරීම ද සිදුකරයි.

විශේෂයෙන් දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ සමුද්‍රික හා ජාතික ආරක්‍ෂාවට විශාල මෙහෙයක්‌ ඉටුකිරීමේ හැකියාව සතු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නගාසිටුවාලීමට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැඩි අවධානයක්‌ යොමුකර කටයුතු කරමින් සිටී.

මෙම දෙපාර්තමේන්තුව නගාසිටුවාලීම සඳහා දායක වූ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන රියර් අද්මිරාල් ආනන්ද ධර්මප්‍රිය සහ රියර් අද්මිරාල් රුවන් ඩයස්‌ යන හිටපු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/11/29/feature.html

0 comments: