Pages

Tuesday, November 26, 2013

මහ විරු මොනරවිල කැප්පෙටිපොල 195 වැනි ගුණසමරුව අද

ඉංගී්‍රසීන්ගෙන් එල්ල වූ තාඩන පීඩන සහ පැනවූ බදු බරට එරෙහිව ශ්‍රී ලාංකීය ජාතිය පෙළ ගස්‌වමින් ආරම්භ වූ ප්‍රථම නිදහස්‌ අරගලයේදී ජාතිය වෙනුවෙන් දිවි පිදූ මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ 195 වැනි ගුණානුස්‌මරණය අදට (26 වැනි දිනට) යෙදී ඇත.

කන්ද උඩරට අත්පත් කර ගනිමින් ඉංග්‍රීසීන් අත්සන් කළ උඩරට ගිවිසුමේ කොන්දේසි කඩ කරමින් ඉංග්‍රීසි පාලකයින් පැනවූ විවිධ බදු බර හා තාඩන පීඩනවලට එරෙහිව ඌව වෙල්ලස්‌සෙන් මෙරට ප්‍රථම නිදහස්‌ අරගලය ආරම්භ විය.

ඌව වෙල්ලස්‌ස කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසි පාලකයින් විසින් ඉංග්‍රීසි හේවායින් පිරිසක්‌ සමග මේ රණවිරුවා පිටත් කර යවන ලදී. එහිදී තමන්ගේ ජාතියට එරෙහිවන්නට තරම් නිවට නොවූ මේ රණවිරුවා ඉංග්‍රීසි හේවායින් ආපසු හරවා යවා තමන්ගෙන් ජාතියට ඉටු විය යුතු මෙහෙවර ඉටු කිරීමට කැරැල්ලට පණදීමට එක්‌විය.

ජය ටැඹ දක්‌වා මෙහෙය වූ නිදහස්‌ කැරැල්ල කන්ද උඩරට පුරාම ඇවිළී යද්දී කීප දෙනකුගේ තාන්න මාන්න කෑදර කම නිසා පාවාදීමෙන් අවසන් විය.

ඉංග්‍රීසි පාලකයෝ මොනරවිල කැප්පෙටිපොල රණවිරුවා ඇතුළු මේ සටනේ වීරුවන් කීප දෙනකු රාජෙද්‍රහීන් ලෙසද නම් කරනු ලැබූහ. මේ රණවිරුවා සහ පිළිමතලාවේ අධිකාරම් විරුවාද ඉංග්‍රීසි පාලකයින්ගේ අත්අඩංගුවට පත් වූහ.

මේ රණවිරුවන්ට එරෙහිව යුධාධිකරණයේදී නඩු අසා හිස ගසා දැමීමට නියම කෙරිණි. ඒ අනුව 1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී හිස ගසා මරා දමනු ලැබූහ.

අභීතව ජාතිය වෙනුවෙන් දිවි දුන් මේ රණවිරුවා තමන්ගේ හිස නොබියව ගෙල වධකයාට පාමින් බුදු ගුණ සිහි කරමින් මේ දේශයෙන් සමුගත්තේ තමන්ගේ අවසන් හුස්‌ම පොද මාතෘ භූමියේ වාතලයට මුසු කළේ මා වැනි රණවිරුවන් අනාගතයේදී රටට උවදුරු සිදුවන හැම අවස්‌ථාවකදීම බිහි වේවායි ප්‍රාර්ථනා කරගනිමින් විය හැකිය.

ජාතිය වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරු මොනරවිල කැප්පෙටිපොල රණවිරුවාගේ ගුණ සිහි කරමින් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට එතුමාගේ හිස තැන්පත් කර ඇති ස්‌මාරකය ඉදිරිපිටදී සහ මාතලේ කැප්පෙටිපොල වළව්වේ චාම් උත්සව පැවැත්වේ.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2013/11/26/news17.html

සබැඳි ලිපි -
[
තුන් සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මතුකළ වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_25.html
]

Pic From | https://www.google.lk/search?q=monarawila+keppetipola&source=lnms&tbm=isch&sa=X&ei=HieUUtqPMsuxrgeiyoHgBQ&sqi=2&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=cccrQOIF8RBIkM%3A%3BYwqIMavKdVw0rM%3Bhttp%253A%252F%252Fwww.wije.lk%252Fkep_weerathva%252Fkep_weerathva%252Fweerathva_r1_c1.jpg%3Bhttp%253A%252F%252Fwww.wije.lk%252Fkep_weerathva%252Fweerathva_3.html%3B655%3B184

0 comments: