Pages

Wednesday, November 20, 2013

දළදා හිමිසඳු වැඩ සිටිනා පින්බිම වාසනාවන්! දළදා හිමිසඳුට ගෞරවයක් ලෙස රැජින හෝටලයේ බාර් වහයි!

ගාලූ මුවදොර හෝටල් සමාගම විසින් මහනුවර ශ‍්‍රී දළදා මාලිගයට නුදුරින් පිහිටි රැජින හෝටලයේ මත්පැන් අලෙවිසල් (බාර්) වහාම වසා දැමීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති සංජීව ගාඞ්නර් මහතා පවසයි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘මතට තිත’ සංකල්පය දිරිගැන්වීමේ අරමුණින් වර්ෂ 1834 දී ආරම්භ කළ රැජින හෝටලයේ එදා සිටම අඛණ්ඩව සිදු කෙරුණු මත්පැන් අලෙවිය නවතා දැමීමට තීරණය කළේ යැයිද ගාඞ්නර් මහතා කීය.

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව අවට ශුද්ධ භූමිය මතින් තොර පුණ්‍ය භූමියක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට තම සමාගම ගත් මෙම තීරණයෙන් දිරිගැන්වීමක් ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/news/104957/

0 comments: