Pages

Wednesday, November 27, 2013

මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන පස් වසරයි

කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට  බේරා ගැනීමේ සටනේදී ප්‍රබල මෙහෙයක් ඉටු කල ශ්‍රී ලංකා යුධ හමුදා දුරදිග විහිදුම් බලකායේ විශිෂ්ඨ රණවිරුවකු වූ  ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන අදට වසර පහක් සපිරේ. 2008 නොවැම්බර් අද වැනි දිනක කොටි පාලනය කල ප්‍රදේශයක රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය.

කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ  දුරදිගවිහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.

ඒ වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා  සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන  නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය  ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.

- යටියන ප්‍රදීප් කුමාර
http://lankacnews.com/sinhala/news/105372/

1 comments:

chamee.wj249 said...

Hats off.................