Pages

Saturday, September 21, 2013

අධිකරණයට පෙනීසිටීමෙන් පසු සිංහල රාවයේ සභාපති හිමි මුදාහරී

කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි සිංහල රාවය සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරත්න හිමියන් ඊයේ (20 දා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට නීතිඥවරුන් මාර්ගයෙන් පෙනී සිටි අතර එම හිමියන් රුපියල් ලක්‌ෂයක බැදුම්කරයක්‌ මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.

2013.8.01 වැනි දින පයාගල මග්ගොන දී මහජනතාව නොසන්සුන්තාවකට පත්වන අයුරින් රැස්‌වීමක්‌ පැවැත්වෙන බැවින් එම රැස්‌වීම තහනම් කරන ලෙස පයාගල පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය එම රැස්‌වීම තහනම් කරමින් නියෝගයක්‌ නිතුත් කර තිබිණි.

අධිකරණ නියෝගය කඩ කරමින් රැස්‌වීමක්‌ පවත්වා ඇතැයි සඳහන් කරමින් පයාගල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව සලකා බැලු අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය භික්‌ෂුන් වහන්සේලා හත්නමක්‌ ඇතුළු පුද්ගලයන් 26 දෙනකුට ඉකුත් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී නොසිටි අක්‌මීමන දයාරත්න හිමි, මාගල් කන්දේ පඤ්Æලෝක හා සෝභිත යන හිමිවරුන් අත්අඩංගුවට ගැනීමට මෙසේ වරෙන්තු නිකුත් කර තිබිණි.

වැඩිදුර විභාගය 2014 වසරේ ජනවාරි මස 29 වැනි දිනට කල් තැබීය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2013/09/21/news31.html

සබැඳි ලිපි -
[
රට, දැය, සමය වෙනුවෙන් වැඩකරන හිමිවරුන්ට එරෙහිව, පයාගල පොලිසියෙන් සුනඛ වැඩ! - සිංහල රාවයේ හිමිවරුන් සිවු නමකට වරෙන්තු!http://denethharinna.blogspot.com/2013/09/blog-post_20.html
]

1 comments:

Anonymous said...

මේ අක්මීමිනි ඇක්මා හරිම ඇණයක්