Pages

Wednesday, September 25, 2013

ඉස්ලාම් ධර්මය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකිනෙකට පරස්පරයි – ප‍්‍රංශය

ඉස්ලාම් ධර්මය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකිනෙකට පරස්පර බව ප‍්‍රංශ ස්වදේශ කටුයුතු අමාත්‍ය මැනුවෙල් වාල්ස් පවසා ඇතැයි වාර්තා වේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අප‍්‍රිකාවෙන් ප‍්‍රංශයට පැමිණෙන සංක‍්‍රමණිකයන් පිළිබඳ පවතින නීති රීති වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවා පැන නැගී ඇති බවයි.  මේ බව ඔහු පවසා ඇත්තේ 2025 වන විට ප‍්‍රංශය මුහුණ දෙන අභියෝග යන මැයෙන් පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමිනි.

ප‍්‍රංශ ආගමන විගමන නීතිවලට අනුව නීත්‍යානකූල සංක‍්‍රමණිකයකු ප‍්‍රංශය තුළ මාස 18ක් කල් ගත කළ පසුව තම පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමේ අවකාශ හිමිවේ.  ඇමතිවරයාගේ මතය වන්නේ මෙම නෛතික ප‍්‍රතිපාදනය හේතුවෙන් ප‍්‍රංශය වේගයෙන් මුස්ලිම්කරණය වෙමින් යන බවයි.

දිගු කාලයක් තිස්සේ සංක‍්‍රමණිකයන් ප‍්‍රංශ සමාජය වෙතට උරාගනු ලැබූවත් දැන් දැන් සංක‍්‍රමණිකයන්ට අනුව හැඩගැසීමට ප‍්‍රංශ ජාතිකයන්ට සිදුවන බව ඔහු දක්වා තිබේ.  මැනුවෙල් වාල්ස් ඇමතිවරයා ප‍්‍රංශය තුළ ජනප‍්‍රිය පුද්ගලයෙකු ලෙස සැලකෙන අතර ඉහළ යමින් ඇති ජාතිවාදී ප‍්‍රවණතාවයද ඊට හේතුවී ඇතැයි විචාරකයන් පවසති.  හිටපු අගමැති වත්මන් විපක්ෂ නායක ෂෝන් ප‍්‍රංශුවා කොපේද ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අදහසට එකගවී ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලය පුරාවට ඉස්ලාම් ආගමික පළඳනාවන් තහනම් කිරීමේ උත්සහයන්ට එරෙහිව ප‍්‍රංශය තුළද විරෝධතා උද්ඝෝෂණ පැන නැගී තිබේ.  යුරෝපයේ හමා යන ජාතිවාදී රැුල්ල අවධානය යොමු කළ ගැටලූවක් බවට පත්වෙමින් ඇති බව ලොව පුරා මානව හිමිකම් සංවිධාන විසින්ද පවසා තිබේ.

September 24, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/101617/

0 comments: