Pages

Monday, September 30, 2013

මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීමේ සම්ප්‍රදාය කැඩීම - මස්සිනාගේ ලොකුකමට වාසු සතුටුවෙයි

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට එකඟවීම උතුරත් ජනාධිපතිවරයා යටතේ පවතින බවට පෙන්වීමට හොඳ සාක්‌ෂියක්‌ යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා ඊයේ (29 වැනිදා) පැවසීය. දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගැනීම පිළිබඳව තමා සතුටු වන බවද ඒ මහතා කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා හමුවේ දිවුරුම්දීම උතුරේ සංවර්ධන කටයුතු සිදුකිරීමේදී දෙමළ ජාතික සන්ධානයට මධ්‍යම රජයේ සහාය ලබාගැනීමේ හොඳ අවස්‌ථාවක්‌ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට පළාත් අටක මහ ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඉදිරියේදී උතුර පළාත් මහා ඇමැතිවරයාද ජනාධිපතිවරයා සමග සුහදව කටයුතු කරන බවට දිවුරුම් දීමෙන් පසු දැක ගන්නට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

චමින්ද සිල්වා 
http://www.divaina.com/2013/09/30/news02.html

කතෲ සටහන -
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය බිඳ, ජනපති යාපනයට කැඳවා ඔහු ඉදිරියේ දිවුරුම් දෙන බව පැවසීම, අධිමානයකි. අමුතු ආඩම්බර කමකි. මෙය යාපනයේ ඇතැම් දමිළ කුලයන් අතර තිබෙනා මහන්තත්වයකි. පොන්නම්බලම් රාමනාදන්, සිංහල, දමිළ, මුස්ලිම් සියළු ජනයාගේ නායකයා ලෙස පෙනීසිටිමේ සිට, චෙල්වනායගම්ගේ 50-50 (පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් 50%ක් දමිළයන්ට සහ ඉතිරි 50%, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමට) යෝජනාවේ සිටම, පැවත එන්නකි. ජනපති නිලයට නිගරු කිරීමකි. ඔහුට අවැසි නම් ආණ්ඩුකාරවරයා ඉඳිරියේ දිවුරා, ජනපති මන්දිරයට පැමිණ ජනපති හමුවිය හැක. නමුත් මහඇමතිකමේ දිවුරුම් දීම සඳහා ජනපති යාපනයට කැඳවිය නොහැක.

' - දෙනෙත් හරින්න! - අපි '


සබැඳි ලිපි -
[
විග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.http://denethharinna.blogspot.com/2013/09/blog-post_5103.html
]

0 comments: