Pages

Tuesday, September 17, 2013

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම සංවත්සර උළෙල අද

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වැනි ජන්ම සංවත්සර ජාතික උත්සවය අද (17දා) කොළඹ 10 ශ්‍රී ලංකා මහාබෝධි සංගම් මූලස්‌ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන්දීය මහකොමසාරිස්‌ වයි.කේ. සින්නා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව අවස්‌ථාවට මැති ඇමැතිවරුන් විශාල පිරිසක්‌ සහභාගිවන අතර උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දීය මහ කොමසාරිස්‌වරයා විසිනි.

අද (17දා) කොළඹ 07 විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඇති අනගාරික ධර්මපාල පිළිරුව අසලදීද මෙවැනිම සමරු උළෙලක්‌ පැවැත්වෙන අතර එය මෙදින උදේ 8.30 ට ආරම්භ වේ.

එමෙන්ම කොළඹ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය අනගාරික ධර්මපාල කෞතුකාගාරය අසලදී ද තවත් දම්පල් ගුණානුස්‌මරණ වැඩසටහනක්‌ පැවැත්වේ. එය අද පෙරවරු 8.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට හාරිස්‌පත්තුවේ අරියවංශාලංකාර හිමියන්ද සහභාගිවීමට නියමිතය. ඊට අමතරව අමද්‍යප සභාවේ නිලධාරීන් වන ඕල්කට්‌ ගුණසේකර, ලාල් ආනන්ද වික්‍රමසිංහ යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වෙති.

මාතර බෝධි ආරක්‌ෂක සභාව මගින්ද තවත් අනගාරික ධර්මපාල සමරු උළෙලක්‌ ඓතිහාසික මාතර බෝධිය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අද පෙරවරු 8.30 ට මෙම උළෙල ඇරැඹෙන අතර බෝධිය අභියස ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර පිදීමෙන් පසුව පෙරවරු 9.30 ට බෝධි පරිශ්‍රයේ ඇති ධර්මශාලා මන්දිරයේදී ගුණසමරු උළෙල පැවැත්වේ.

සබැඳි ලිපි -
[

නිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

1 comments:

Amila Chathuranga said...

ලබන අවුරුද්දෙ උස්සවේ ජයට තියෙයි.. මොකද එතකොට අවුරුදු එකසිය පනහක් නේ..