Pages

Tuesday, September 17, 2013

TNA අරමුණ 2/3 ගෙන ආණ්‌ඩුකාරවරයාට එරෙහිව යෝජනාවක්‌ සම්මතකර ගැනීමයි

උතුරු පළාත් සභාව ජයගෙන උතුරේ බෙදුම්වාදී ක්‍රියාමාර්ගයන් ගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ කළහොත් ඊට කිසිසේත් ඉඩ නොතබන බව ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ ඊයේ (16දා) පැවැසීය.

ද්‍රවිඩ සන්ධානයේ අරමුණවී ඇත්තේ  උතුරු පළාත් සභාවේ 2/3 ක ආසන සංඛ්‍යාවක්‌ ලබා ආණ්‌ඩුකාරවරයාට එරෙහිව යෝජනාවක්‌ සම්මතකර ගැනීම යෑයි බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

ද්‍රවිඩ සන්ධානයේ උතුරු පළාත් සභාවේ වැඩි බලය ලබා ගැනීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ඇමැති අපේක්‌ෂක අන්ජාන් රාමනාදන් මහතා දැඩි උත්සාහයක යෙදී සිටී.

මේ අතර තමිල්නාඩුවේ දේශපාලනයට එරෙහිව ද්‍රවිඩ සන්ධාන මහ ඇමැති අපේක්‌ෂක විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය නිසා එම සන්ධාන අතර මතභේදයන් ඇතිවී තිබේ.

විග්නේෂ්වරන් මහතා තමිල්නාඩුවට එරෙහිව කළ ප්‍රකාශය ද්‍රවිඩ සන්ධානයේ මතය නොවේ යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊයේ සාකච්ඡාවේදී පවසා ඇත.

මේ අතර මෙරට ඔස්‌ටේ්‍රලියානු තානාපතිනි රොබින් මූඩි මහත්මිය යාපනයට ගොස්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ පැවැත්වූ රහස්‌ සාකච්ඡාවන් ගැනද රජයට වාර්තා වී තිබේ.

උතුරේ බෙදුම්වාදය පැතිරීමට දෙමළ සන්ධානයට ඉඩ නෑ
- ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ කියයි
කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/09/17/news05.html

1 comments:

Amila Chathuranga said...

විග්නේෂ්වරන් උන්නැහේ කිව්වෙ තමිල්නාඩු දේශපාලනයට අනුව වැනෙන රූකඩ දේශපාලනයක් උතුරට අවශ්‍ය නැහැ කියලා... ඒ කතාව ඇත්ත ඒ වගේම ඒකෙ ලොකු ගැඹුරකුත් තියෙනවා..