Pages

Tuesday, September 17, 2013

අමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමා

සිංහල ජාතියටත්, බෞද්ධාගමටත් විවිධ හිංසා පීඩා ඇති වූයේ අද ඊයේ නොවේ. එදා මෙදා තුර එය අඩු වැඩි වශයෙන් සිදු වූවත්a පෘතුගීසී, ලන්දේසි හා ඉංගී්‍රසි යටත් විජිත සමයන්හි මෙය තවදුරටත් වර්ධනය විය. යුරෝපීයයන්ගේ සංක්‍රමණයන්a සමගින් සංස්‌කෘතික ගති ලක්‍ෂණ මෙන්ම ආගම් ප්‍රචාරය ද තදින්ම සිදු කරන්නට විය. එය කොතෙකුත් ප්‍රබල වීද යත් එවකට සිංහල දරුවන්ගේ නම් ගම් පවා බටහිර මිෂනාරී සංස්‌කෘතීන්ට අනුරූප විය. "දොන්", "දොaන" යන වදන් ස්‌ත්‍රී පුරුෂ දෙක්‍ෂයේම ම නම්වලට මුලින් ඈඳුණි. සිංහලයාගේ සිරිත් - විරිත් පවා විජාතිකකරණය වෙමින් පැවතුණි. ඇඳුම් පැළඳුම් බටහිර ඇඳුමට මාරු විය. සිංහල භාෂාව වෙනුවට ඉංගී්‍රසි භාෂාව කරපින්නා ගන්නා තත්ත්වයට පත්විය මත්වතුර, ගවමස්‌ ආදිය පරිභෝජනයට පුරුදු කෙරිණි. මේ සියලු තත්ත්වයන් තුළ මිෂනාරීන් අපේක්‍ෂා කළේ "නරක බෞද්ධ පිරිසක්‌" ඇති කිරීමටය. එක්‌ පසෙකින් ක්‍රිස්‌තියානිකරණය සිදු කළ අතර තවත් පසෙකින් බෞද්ධ සමාජය පිරිහෙන තැනට කටයුතු කළේය. බ්‍රිතාන්‍යය යටත් විsජිත සමයේදී රාජ්‍ය බලය ද ආණ්‌ඩුකාරතුමා හරහා තදින්ම ක්‍රියාත්මක වීමද ඊට තවත් රුකුලක්‌ විය.

ජාතියේ පියාගේ බිහිවීම

ජාතියට අවශ්‍යම දරුවාගේ උපත සිදුවූයේ මේ කාලය තුළය. එනම්, වර්ෂ 1864 සැප්තැම්බර් 17 වැනිදාය. "දොන් කරෝලිස්‌ හේවාවිතාරණ" පියාට හා "මල්ලිකා ධර්ම ගුණවර්ධන" මවට දාව මෙම වාසනාවන්ත පුත් කුමාරයා මෙලොව උපත ලැබීය. නමින් "දොන් ඩේවිඩ් හේවාවිතාරණ" ඔහුගේ නම ලියාපදිංචිය සිදු වූයේ ද එවකට පැවැති නීතිය යටතේ පල්ලියේදීය. එහෙයින් ම "දොන් ඩේවිඩ්" නම ඔහුට හිමි විය. වර්ෂ 1872 සිට වර්ෂ 1874 දක්‌වා මූලික අධ්‍යාපනය බැප්ටිස්‌ සිංහල පාසලෙන් ලැබුව ද පසුව ශාන්ත බෙනඩික්‌ට්‌, පිටකෝට්‌ටේ ක්‍රිස්‌තියානි විද්‍යාලය (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය) වර්ෂ 1878 - 1883 ශාන්ත තෝමස්‌ ආදි විද්‍යාලවල පාසල් දිවිය ගෙවන්නට විය. මේ පාසල් සියල්ල ක්‍රිස්‌තියානි පාසල්ය. එහිදී පූජකවරුන්ගේ ඇසුරින් බයිබලය හොඳින් හැදෑරීය. පූජකවරුන් මෙම දරුවා ක්‍රිස්‌තියානි ආගමට හරවා ගැනීමට සෑම උත්සාහයක්‌ ම දැරුව ද එය නිෂ්ඵල විය. ඊට ප්‍රධාන බාධකය වූයේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ය. උන්වහන්සේගේ ඇසුරින් ලද බුදු දහම පිළිබඳ අවබෝධය හිරු ඉදිරියේ සුපිපෙන සූරියකාන්ත මලක්‌ සේ විකසිත වන්නට විය.

වර්ෂ 1883 සිංහල රටේ සුවිශේෂ සිද්ධියක්‌ ඇති විය. කොටහේන දීපදුත්තාරාම පන්සලේ පෙරහැර කොටහේන පල්ලිය අසලින් සාමකාමීව ගමන් කරද්දී කතෝලික පිරිසක්‌ විසින් පෙරහැරේ ගමන් කළ අහිසංක බෞද්ධයකු මරා දමනු ලැබීය. එපමණක්‌ නොවේ. එහි ගමන් කළ ගොනුන්ගේ ඇස්‌ උගුල්ලා කරත්ත ගිනිබත් කරන්නට ද විය. මේ සියල්ල ඉදිරියේ ඉංගී්‍රසි ආණ්‌ඩුව කිසිදු පියවරක්‌ අනුගමනය කළේ නැත. බෞද්ධ ජනයාගේ සිත් සසල කළ මෙම සිද්ධියෙන් තරුණ හේවාවිතාරණ දරුවාගේ ක්‍රිස්‌තියානි පාසල් ගමන ද ඇනහිsටිණි. දොන් කරෝලිස්‌ වූ පියා තම පුතාට ප්‍රකාශ කර සිටියේ "පුතා උඹ ක්‍රිස්‌තියානි පාසලකට යනවාට මම කැමැති නැහැ" යන්නයි.

බෞද්ධ අධ්‍යාපනය

අධ්‍යාපනය ජාතියක කොඳු නාරටියයි. එහෙයින්ම අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ ආධිපත්‍යය දිනාගනු ලැබුවේ ද පල්ලිය විසිනි. ක්‍රිස්‌තියානි මිසනාරී පාසල් පද්ධතියක්‌ එමගින් බිහි විය. අනගාරික ධර්මපාලතුමා අධ්‍යාපනය ලැබුවේ ද බැප්ටිස්‌ සිංහල පාසල, ශාන්ත බෙනඩික්‌aට්‌, කෝට්‌ටේ ක්‍රිස්‌තියානි විද්‍යාලය හා ශාන්ත තෝමස්‌ වැනි මිෂනාරී පාසල්වලය. එකී පාසල්වල ඉගැන්වීම් කළේ ද ක්‍රිස්‌තියානි පූජකවරුය. එමගින් බයිබලය පිළිබඳ මනා දැනුමක්‌ ද ධර්මපාලතුමා සතු විය. මේ වූ පසුබිම තුළ සිංහල බෞද්ධ පාසල් පද්ධතියක අවශ්‍යතාව තදින් ජාතියට දැනිණි. ඇමරිකානු ජාතික හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමාගේ මැදිහත්වීමෙන් පරම විඥනාර්ථ සංගමය පිහිටුවීමත් සමගින් එහි අවශ්‍යතාව මල්ඵල ගැනිණි. කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි බෞද්ධ පාසල් ගොඩනංවන්නට විය. සිංහල බෞද්ධයන් අන්‍යාගම්කරණයෙන් වැළැක්‌වීමට මෙම පියවර දිගුකාලීනව අනුගමනය කළ සාර්ථක පියවරක්‌ විය. ඒ එසේ නොවූයේ නම් අදත් මුළු රටම ක්‍රිස්‌තියානිකරණය වී හමාරය.

ධර්ම දූත ව්‍යාපාරය

අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධකම දේශීය වශයෙන් පමණක්‌ තහවුරු කරන්නට පෙළැඹුණේ නැත. විජාතික වශයෙන් ව්‍යාප්ත කරන්නට පෙළැඹුණේa "බහුජන හිතාය බහුජන සුඛාය......" යන බුදු වදනට සජීවී අරුතක්‌ එක්‌ කරමිනි.

ඉන්දියාව බුදුන් වහන්සේ උපන් දේශයයි. එහෙත් බුද්ධාගම එරටින් අද තුරන් වී ඇත. බෞද්ධ සිද්ධස්‌ථාන අද නටබුqන් තත්ත්වයට හා විනාශ වන තත්ත්වයට පත්ව ඇත. මෙවන් පසුබිමක එදා "මහන්තා" නම් අන්‍යාගමිකයකුගේ යටතට ද බුද්ධගයාව හසුවී තිබිණි. බෞද්ධයන්ට වඳින්නට පුදන්නට මේ තුළ අවස්‌ථාවක්‌ නොතිබිණි. වර්ෂ 1891 ජනවාරි 22 වන දින එම ස්‌ථානයට ගිය ධර්මපාලතුමා හ ට මහත් කම්පාවක්‌ ඇතිවිය. එදින දැඩි අධිෂ්ඨානයක්‌ ඇති කර ගත්තේ යළිත් "මේ උතුම් ස්‌ථානයේ භික්‍ෂූන් නවත්වා බෞද්ධයන්ට මෙය අත්කර දීමට මගේ කාලය ගත කරමි. මේ ස්‌ථානය අත්හැර නොයමි" යනුවෙනි. ඒ අනුව වර්ෂ 1891 මැයි 31 වැනි දින හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ සහභාගිත්වයෙන් "මහාබෝධි සංගමය" පිහිටුවීය. එමගින් රට පුරා දේශන පවත්වමින් "සිංහලයිනි නැගිටියව්, බුද්ධගයාව බේරා ගනිව්" යන අභීත සිංහල කාහල නාදය අවදි කළේ ද ජයග්‍රහණයක්‌ උදෙසා ම ය. බුද්ධගයාව බෞද්ධයන් උදෙසා නිදහස්‌ කිරීමට නඩු මගට ද බැස්‌සේය. සිය ධනය ද ඒ සඳහා කැප කළේය. තම ජාතික ව්‍යාපාරය සඳහා "මහාබෝධි" නමින් ඉංගී්‍රsසි සඟරාවක්‌ ද "සිංහල බෞද්ධයා" නමින් සතිපතා පුවත්පතක්‌ද ආරම්භ කළේය. විශේෂිත "දුම් රථයක්‌" සකසා ගනිමින් රට පුරා ධර්මය ප්‍රචාරය කරන්නට ද කටයුතු කළේය. මේ සියල්ල සිදු වන අතර අන්තර් ජාතික වශයෙන් ද සිය මෙහෙවර ප්‍රබලව ව්‍යාප්ත වූයේ චිකාගෝ නුවර පැවැති "ජගත් දෘෂ්ටිවාදීන්ගේ" සම්මේලනයෙනි. එදා වර්ෂ 1893 දී බුද්ධාගම වෙනුවෙන් සිය හඬ අවදි කළේ අනගාරික ධර්මපාලතුමාය. එම සමුළුව තුළ ධර්මපාලතුමාහට කෙතරම් පිළිගැනීමක්‌ තිබුණේ ද කිවහොත් කෝටිපතිනියක වූ "මේරි පෝස්‌ටර් රොබින්සන්" මැතිනිය ඇතුළු විශාල ජනකායක්‌ ශුභාශිsංසනය කරන්නට එක්‌ වූහ. පසු කලෙක බෞද්ධ ව්‍යාපාරයට ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කළේ ද මෙම මැතිනියයි. නිව්යෝර්ක්‌, බොස්‌ටන්, පිලඩෙල්පියා, ජපන්, සියම් හා ඉන්දියාව ආදී විවිධ රටවලින් ප්‍රශංසාත්මක ලිපි ද මෙතුමා වෙත ගලා එන්නට විය.

සත්ත්ව ඝාතනය, මත්වතුර පරිභෝජනය වැනි දුශ්චරිත දුරු කිරීම

ධර්මපාලතුමා සිංහල දරුවන්ට මහත් ඕනැකමින් පෙන්වා දුන්නේ දුශ්චරිතවලින් ඈත්වන ලෙසටය. පර ජාතිකයන් විසින් පුරුදු කළ නරක පුරුදුවලින් ඉවත් වන ලෙස ආයාචනා කළේය. බුදුමඟට අනුගත ජීවන චරිත සකසා ගන්නා ලෙසටද ආරාධනා කළේය. "සිංහලයෝ දවසින් දවස පහළ යන්නේ බීමත්කම නිසයි. මත්පැන් බීම, අනුන්ට බොන්න දීම, මත්පැන් විකිණීම, තැනීම බුදුරජාණන් වන්සේ විසින් එපා කර තිබේ" යනුවෙනි. සතුන් මරන්ට, මරවන්ට, විකුණන්ට අනුබල නොදිය යුතු බවත් සතුන්ට ජීවිත දානය දීම, සතුන් මරන්නවුන්හට අවවාද දී ඔවුන් මුදා ගැනීම වැනි සත් ක්‍රියාවලටද යොමු විය යුතු බව පෙන්වා දුනි.

ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රටක්‌ බවට විරුදාවලි නාමය රැන්දුවේ ද අභීත සිහළ පරපුරය. විජාතික ආක්‍රමණය හමුවේ ඊට ගැති වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ වන්නට විය. නැවත මෙය නඟාසිටුවන්නට නම් සිංහල බෞද්ධයන්ගේ නැඟිටීමක්‌ අත්‍යවශ්‍යමය. එසේ නොවී වෙන කිසිදු ජන වර්ගයකින් ශ්‍රී ලක්‌ මාතාවගේ කීර්ති නාමය බබුළුවන තැනට පත්වන්නේ නැත. එසේනම් අනාගත ලක්‌ මාතාව වෙනුවෙන් වර්තමාන සිංහල අපේ යුතුකම හා වගකීම වන්නේ ජාතියේ පියා වන අනගාරික ධර්මපාලතුමා ගත් මඟම යැම මිස අන් මඟක්‌ නොවන බැව් අවබෝධ කරගත යුතුව ඇත.

ධර්ම ශාස්‌ත්‍රධාරී, දේශකීර්ති, බෝසෙත් කළහේපතිරණ
http://www.divaina.com/2013/09/17/feature01.html

සබැඳි ලිපි -
[
නිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

1 comments:

Amila Chathuranga said...
This comment has been removed by a blog administrator.