Pages

Friday, September 27, 2013

ප්‍රභාට වඩා විග්නේෂ්වරන් භයානකයි - චම්පික

වේළුපිල්ලේ ප්‍රභාකරන්ට වඩා සී. විග්නේෂ්වරන් අතිශයින් ම භයානක අනතුරුදායක පුද්ගලයකු යෑයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (25 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ප්‍රභාකරන්ගේ යුද පෙරමුණ පෙනෙන්න සටන් කළ පෙරමුණක්‌ බවත් එහෙත් විග්නේෂ්වරන්ගේ රාජතාන්ත්‍රික පෙරමුණ නොපෙනෙන, නොගැටෙන පෙරමුණක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

පෙනෙන දෙයක්‌ හා ගැටීම පහසු මුත් මෙම නොපෙනෙන පෙරමුණට එරෙහිව ක්‍රියා කිරීම අපහසු කාර්යයක්‌ බවත් පාඨලී චම්පික මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ලෙස මෙරට දේශපාලනය හා රජය නටවන්න තම පක්‍ෂය ඉඩ නොදෙන බව හෙතෙම අවධාරණය කළේය.

එම නාසිවාදී අන්තවාදී නඩයට මැතිවරණ ජයක්‌ හිමිව ඇතත් ඔවුන් 77 ගමන යන්නේ නම් එය පරාජය කිරීමට තම පක්‍ෂය කටයුතු කරන බව ද ඇමැතිවරයා කීවේය.

තම පක්‍ෂය එවැනි ක්‍රියාකාරකමකට අවතීර්ණ වන්නේ දෙමළ ජාතික සන්ධානයට ඇති බියක්‌ නිසා නොව, අනාගත පරපුර ගැන සිතා බවත් සැබැවින්ම දෙමළ ජාතික සන්ධානයේ මෙම ගමන ගැන බිය විය යුත්තේ දෙමළ ප්‍රජාවම බවත් හෙතෙම සඳහන් කළේය.

ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන පෙරමුණකට ලෝකයේ කිසිදු රටක්‌ මෙලෙස ඉදිරියට ඒමට ඉඩ දී නැති බව සිහිපත් කළ පාඨලී චම්පික මහතා යුද අරගලයකට වඩා රාජතාන්ත්‍රිකව සිදුකරන අරගල අතිශයින්ම භයානක බවත් සිහිපත් කළේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/09/27/news06.html

0 comments: