Pages

Saturday, September 28, 2013

සුඩාන ශිෂ්‍යශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා දීමට කැමැත්ත පළවේ

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා නිව්යෝර්ක්‌හි පැවැති එක්‌සත් ජාතීන්ගේ සමුළුව අතරවාරයේදී සුඩානයේ විදේශ අමාත්‍ය අලි අහමඩ් කාර්ෂන් මහතා හමුවිය.

මෙම හමුවේදී අමාත්‍ය දෙපළ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කළහ. මෙහිදී සිය අදහස්‌ දැක්‌වූ අමාත්‍ය පීරිස්‌ මහතා අප්‍රිකාව සමඟ සබඳතා ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය අවබෝධකොට ගෙන ඇති බැවින් අප්‍රිකානු රටවල් කීපයක්‌ සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්‌ථාපනය කිරීම සඳහා මූලික පියවරගෙන ඇතැයි කියා සිටියේය. ශ්‍රී ලංකාව හා සුඩානය අතර විශේෂයෙන් ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්‌තිමත් කිරීමේ සහ විශේෂඥතා දැනුම හුවමාරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ පීරිස්‌ මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රබලව පවත්නා සෞඛ්‍ය ආරක්‍ෂණය හා අධ්‍යාපන යන ක්‍ෂේත්‍ර තුළින් එරටට සහාය ලබාදීමටද කැමැත්ත පළ කළේය. 

එකී ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ඉදිරිපත් වීම අගය කළ සුඩාන විදේශ අමාත්‍යවරයා හෙද වෘත්තිය සම්බන්ධයෙන් පුහුණුව සහ සුඩාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්‌ථා ලබා ගැනීමට සියරට කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය. දක්‍ෂිණ වෙළෙඳ සබඳතා අෙන්‍යාන්‍ය වශයෙන් වාසිදායක විය හැකි බවත් එම සබඳතා වර්ධනය කළ යුතු බවත් වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍යවන නෛතික ව්‍යqහයන් ස්‌ථාපනය කිරීම දිරිගැන්විය යුතු බවත් පැවසූ අමාත්‍ය පීරිස්‌ මහතා අප්‍රිකා මහද්වීපයට ප්‍රවේශ ස්‌ථානයක්‌ විය හැකි සීෂෙල්ස්‌ දක්‌වා ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම විසින් කඩිනමින් ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සුඩාන අමාත්‍යවරයා වෙත දන්වා සිටියේය.

http://www.divaina.com/2013/09/28/news26.html

1 comments:

Anonymous said...

නියමයි. ඔය ගෙරි තම්බි හැතිකරේ මහයාටයි උගේ හැත්තටයි ඒඩ්ස් බෝ කරලා තමයි යන්නේ කවදාහරි.