Pages

Thursday, September 26, 2013

ඇමරිකානු රජය බ්‍රසීල ජනතාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කළා බ්‍රසීල ජනාධිපතිනි දිල්මා රවුසෙප් මහා සමුළුවේදී චෝදනා කරයි

බ්‍රසීල ජනතාවගේ තොරතුරු විමර්ශනයට ලක්‌ කිරීමෙන් ඇමරිකානු රජය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි බ්‍රසීල ජනාධිපතිනි දිල්මා රවුසෙප් එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ මහා සමුළුව අමතමින් පැවසූවාය.

ඇමරිකානු රජය බ්‍රසීලයේ සෛවරිභාවය උල්ලංඝණය කර ඇතැයිද ඇය කීවාය. බ්‍රසීල ජනතාවගේ දුරකථන සංවාද සහ විද්යුත්ලිපි ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් නිරීක්‍ෂණය කිරීම වැරදි ක්‍රියාවක්‌ බවද ඇය පල කලාය. ඇමරිකාව වහාම බ්‍රසීල ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවද බ්‍රසීල ජනාධිපතිනිය කීවාය. අන්තර් ජාලය නිරීක්‍ෂණය කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම නතර කල යුතු බවද පැවසූ ඇය ඒ සඳහා ලෝක ප්‍රජාව එක්‌විය යුතු යයිද සඳහන් කළාය.

http://www.divaina.com/2013/09/26/forign01.html

0 comments: