Pages

Sunday, September 29, 2013

ඉඩම් අයිතිය පළාත් සභාවටයි… ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්න බෑ

පළාත් සභා වල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මීට පෙර දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් පළාත් සභාවලට ඉඩම් අයිතිය ඇති බවට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි.

එහෙත් අලුත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉඩම් අයිතිය ඇත්තේ මධ්‍යම රජයට බවත් එම තීන්දුව මීට කලින් දී ඇති නඩු තීන්දුවලට පටහැණි බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“පළාත් සභාවලට බලය තියෙනවා කියල කියල තියෙන්නේ. බලය නැහැ කියල නැහැ” යනුවෙනුයි කලින් දී ඇති නඩු තීන්දු ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ.

මේ නිසා ඒ සම්බන්ධයෙන් ගත හැක්කේ කුමන ක්‍රියා මාර්ගයක් ද යන්න ගැන තම පක්ෂය අවධානය යොමු කොට තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නයක් ආර්.සම්බන්ධන් සඳහන් කළේය.

අග විනිසුරු මොහාන් පීරිස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දී ඇති නඩු තීන්දුව, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම සහ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම මගින් අර්ථ ගැන්වෙන අයිතීන් අභිබවා යන බව ඔහු පෙන්වා දෙයි.

- BBC
http://lankacnews.com/sinhala/main-news/101882/

සබැඳි ලිපි -
[

රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]

0 comments: