Pages

Monday, September 30, 2013

විග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.

උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේශ්වරන් මහතා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමේ උත්සවය යාපනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය සඳහා ජනපතිවරයාට එහි පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ද දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා ඉදිරිපිට දිවුරුම් දීමට තමන් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිව්යෝක්‌ සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණි පසු මේ ගැන සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

උතුරු පළාතේ නව අමාත්‍ය මණ්‌ඩලය නම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්‌ අද (30 දා) පැවැත්වීමට නියමිතය.

කල්මුණේ වාර්තාකරු
http://www.divaina.com/2013/09/30/news01.html

කතෲ සටහන -
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය බිඳ, ජනපති යාපනයට කැඳවා ඔහු ඉදිරියේ දිවුරුම් දෙන බව පැවසීම, අධිමානයකි. අමුතු ආඩම්බර කමකි. මෙය යාපනයේ ඇතැම් දමිළ කුලයන් අතර තිබෙනා මහන්තත්වයකි. පොන්නම්බලම් රාමනාදන්, සිංහල, දමිළ, මුස්ලිම් සියළු ජනයාගේ නායකයා ලෙස පෙනීසිටිමේ සිට, චෙල්වනායගම්ගේ 50-50 (පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් 50%ක් දමිළයන්ට සහ ඉතිරි 50%, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමට) යෝජනාවේ සිටම, පැවත එන්නකි. ජනපති නිලයට නිගරු කිරීමකි. ඔහුට අවැසි නම් ආණ්ඩුකාරවරයා ඉඳිරියේ දිවුරා, ජනපති මන්දිරයට පැමිණ ජනපති හමුවිය හැක. නමුත් මහඇමතිකමේ දිවුරුම් දීම සඳහා ජනපති යාපනයට කැඳවිය නොහැක.

' - දෙනෙත් හරින්න! - අපි '

0 comments: