Pages

Wednesday, September 25, 2013

ශ‍්‍රී ලංකාවේ දෙමළ ඊළාමකට සුදුසුම වෙලාවයි - අපි දෙමළ සංවිධානය

ශ‍්‍රී ලංකාවේ දෙමළ ඊළාමයක් පිහිටුවීම සඳහා දැන් සුදුසුම අවස්ථාව එළැඹ ඇති බවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්‍ෂණය යටතේ ලෝක දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් පැවැත්විය යුතු යයි දකුණු ඉන්දීය නාම් තමිලර් (අපි දෙමළ) සංවිධානය පවසයි.

ශ‍්‍රී ලංකාවේ පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත දෙමළ ජාතික සන්ධානය විසින් ජයග‍්‍රහණය කිරීම ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ දෙමළ දේශය විනාශකල ජාතිවාදී බෞද්ධ ආණ්ඩුවට උතුරේ දමිලයන් මැතිවරණය හරහා ප‍්‍රති උත්තර දී ඇති බවයි.

මෙම මැතිවරණය ජාත්‍යන්තර පීඩනය නිසාම පැවැත්වූ එකක් බවත් දෙමල සන්ධානය ඊළාම් දේශයේදී ලබාගත් විශාල ජයග‍්‍රහණයෙන් පැවසෙන්නේ සිංහල හමුදාවෙන් මෙතෙක් සිදුවූ නොසෑහෙන පීඩාවන්ගෙන් නිදහස් විය යුතු බවත් නිවේදනයේ දැක්වේ.

දකුණේ සිංහල ආණ්ඩුවට මින් ඉදිරියට මෙතෙක් කල චණ්ඩිකම් දෙමළ දේශයේදී කල නොහැකි බවත් යුද්ධයේදී අතුරුදහන් වූ 50,000ක පමණ පිරිස සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

- උදයන් පුවත්පතිනි
September 25, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/101666/

0 comments: