Pages

Wednesday, September 25, 2013

පකිස්තාන් කිතුනුවෝ ආරක්‍ෂාව ඉල්ලා වීදි බසිති

පකිස්තානයේ කිතුනු ජනතාව රටේ ප්‍රධාන නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත ව සිටිතිග.

‘පෙෂවෝර්’ නගරයේ දේවස්ථානයකට එල්ල කෙරුණ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් අසූවකට අධික මිනිස් ඝාතනයක් සිදු කරනු ලැබීමෙන් අනතුරුව එම කිතුනු විරෝධතා ව්‍යාපාරය දියත් කෙරිණි.

පකිස්තානයේ කිතුනු ජනතාව ඉල්ලා සිටින්නේ, තමන්ට වඩාත් සුරක්ෂිත රැකවරණ සලසන ලෙසයි.

ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ ජනතාව පැය කීපයක් ම ප්‍රධාන මහා මාර්ගයක් අවහිර කරමින් සිටි බවක් ද වාර්තාවෙයි.

පකිස්තාන් කිතුනු ප්‍රජාවට එල්ල කෙරෙනු ප්‍රහාරය දේශපාලන සහ ආගමික නායකයන් විසින් ද හෙලා දකිනු ලැබ ඇත.

ඔවුන් එම හෙලා දකිනු ලැබ තිබෙන්නේ පකිස්තාන් කිතුනු සුළුතරයට එල්ල කෙරුණ දරුණුතම ප්‍රහාරය හැටියට විග්‍රහ කරමිනි.

ඉස්ලාමාබාද් බලධාරීන්, ‘පෙෂවෝර්’ කිතුනු දේවස්ථානයට එල්ල කෙරුණ ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාව වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට ඇති අතර,පකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබ ඇති බවත් වාර්තාවෙයි.

- BBC

September 24, 2013 at 3:23 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/101604/

0 comments: