Pages

Monday, September 23, 2013

විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී

සංවාදයට නැගී ඇති මුස්ලිම් ආගමික මුහුණු ආවරණ තහනම් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අනවශ්‍ය යෝජනාවක් බව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ලිස් ජෝන්ස් පවසයි.

ඇගේ මතය වන්නේ එය තහනම් කළ යුතු බවට වන තර්කය ඉතා පැහැදිලි වන බවයි.

හෙදියකට ඇගේ සිනහව අත්‍යවශ්‍ය අවියක් වන හෙයින් සෞඛ්‍ය සේවයෙන් මුහුණු ආවරණ ඉවත් කළ යුතුම බව ලිස් ජෝන්ස් පවසා තිබේ.

එම ආවරණය ශරීර සෞඛ්‍යයටද අහිතකර බව ඇගේ අදහසයි.  නිකාබය හෝ බුර්කාව මගින් කිසිදු ප‍්‍රයෝජනයක් අත් නොවන බවත් කාන්තාවන්ගේ නිදහස සීමාවන බවත් ඇය පවසා තිබේ.  ඇය විටෙක බුර්කාවක් හැඳි විට සාමාන්‍ය පරිදි හැසිරීමට නොහැකි වූ බව උදාහරණයක් ලෙස දක්වා තිබේ.

කාන්තාවන් කුමන ඇඳුමක් ඇඳිය යුතුදැයි පැවසීම රාජ්‍යයේ කාර්යය නොවන බවට ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මේ විසින් පැවසීම ජෝන්ස්ගේ දෝෂදර්ශනයට ලක්වී ඇත.

කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවන් පවසා ඇත්තේ නිකාබය පැළඳීම සමාජය සමග සන්නිවේදනය කිරීමට බාධාවක් නොවන බවයි.  තමන් කැමති පරිදි ආගම ඇදහීමේ නිදහස සුරක්ෂිත විය යුතු බවද ඔවුන් දක්වා තිබිනි.

September 23, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/101563/

සබැඳි ලිපි -
[බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
]

0 comments: