Pages

Saturday, September 28, 2013

අවුරුදු 7 දී දරුවා පාසල් යවන්න - බ්‍රිතාන්‍ය අධ්‍යාපන විශේෂඥයෝ

පාසල් අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළ යුත්තේ අවුරුදු හයේදී හෝ හතේදී බවත් ඊට පෙර ළමුන් අධ්‍යාපනය සඳහා යොමු කිරීම වැරදි බවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපන විශේෂඥයෝ ප්‍රකාශ කරති.

අවුරුදු පහේදී පාසල් අධ්‍යාපනයට දරුවා යෙදවීම එම දරුවාට බරක්‌ බව ඔවුහු පවසති.

අවුරුදු 3-4 දීම ළදරු පාසල් අධ්‍යාපනයට යොමු කිරීමෙන් එම දරුවන්ගේ ළමා කාලය උදුරා ගැනීමක්‌ සිදු වන බවත් ඔවුනට නිසි පරිදි ක්‍රීඩා කිරීමටවත් කාලය නොලැබෙන බව බ්‍රිතාන්‍ය හිටපු අධ්‍යාපන කොමසාරිස්‌ ඇතුළු 127 දෙනකු අත්සන් කළ ලියවිල්ලක සඳහන් විය.

බ්‍රිතාන්‍ය නීතිය අනුව අවුරුදු 5 දී දරුවා පාසලට ඇතුළත් කළ යුතුය.

http://www.divaina.com/2013/09/28/forign05.html

0 comments: