Pages

Friday, September 20, 2013

රට, දැය, සමය වෙනුවෙන් වැඩකරන හිමිවරුන්ට එරෙහිව, පයාගල පොලිසියෙන් සුනඛ වැඩ! - සිංහල රාවයේ හිමිවරුන් සිවු නමකට වරෙන්තු!

අධිකරණය හමුවේ පෙනී නොසිටි සිංහල රාවය සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරත්න හිමි ඇතුළු භික්‍ෂුන් වහන්සේලා සිව්නමක්‌ අත්අඩංගුවට ගැනීමට කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා වරෙන්තු නිකුත් කළේය.

මාගල්කන්දේ පඤ්ඤාලෝක, මාගල්කන්ද සුදන්ත හා සෝභිත යන හිමිවරුන් මෙසේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර සිංහල රාවය සංවිධානයේ පුලියද්දේ සුදම්ම හිමි ඇතුළු භික්‍ෂුන් වහන්සේ තුන් නමක්‌ද තරුණ තරුණියෝ 19 ක්‌ද ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2013.08.01 වැනි දින මග්ගොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ සිංහල රාවය සංවිධානයේ රැස්‌වීම පැවැත්වීමෙන් ප්‍රදේශයේ කලබලකාරිත්වයක්‌ ඇති වීමට ඉඩ ඇතැයි සඳහන් කරමින් පයාගල පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වාර්තාවන් සලකා බැලූ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාන් අයේෂා ආබ්දීන් මහත්මිය මෙම රැස්‌වීම පැවැත්වීම තහනම් කරමින් නියෝගයක්‌ නිකුත් කර තිබිණි.

එම නියෝගය නොතකා මෙම රැස්‌වීම පැවැත්වූ බව සඳහන් කරමින් පයාගල පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ විනිසුරුවරිය එම තහනම් නියෝගය නිකුත් කර තිබිණි.

ඒ අනුව අධිකරණ නියෝග නොතකා රැස්‌වීම පැවැත්වීම පිළිබඳව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගිහි පැවිදි 36 දෙනකුට එරෙහිව මෙම නොතීසි නිකුත් කර තිබිණි.

මෙහි පළමුවැනි වගඋත්තරකරු වන මාගල්කන්දේ සුදන්ත හිමියන්ට නොතීසි භාරදීමට නොහැකි වූ බව පයාගල පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙහිදී කළුතර අධිකරණයේ නීතිඥයන් වන ගාමිණි ඒකනායක, පැටිරික්‌ ෆොන්සේකා, දුලාන් වීරවර්ධන, සංජීව ගුණරත්න, සංඛ අල්මේදා යන මහත්වරු ඇතුළු නීතිඥයෝ රැසක්‌ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

කළුතර සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ, පයාගල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චමින්ද කුලසිංහ හා උප පොලිස්‌ පරීක්‍ෂක විඡේපාල යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

මේ නඩුව නිසා ඊයේ කළුතර උසාවි සංකීර්ණයට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාව යොදවා තිබිණි.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2013/09/19/news10.html

1 comments:

Anonymous said...

Issellama me marakkala huththita gahanna oone