Pages

Thursday, September 26, 2013

පලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ තීන්දු කර ඇත්තේ ඉඩම් පිළිබඳ අයිතිය ඇත්තේ පළාත් සභාවලට නොව මධ්‍යම රජයට බවයි.

අගවිනිසුරු මොහාන් පීරිස්, ශ්‍රී පවන්, ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනා විසින් වෙන වෙනම ස්වකීය තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එකී තීන්දු ත්‍රිත්වයෙන්ම තහවුරු කර තිබුණේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉඩම්වල බලතල ඇත්තේ මධ්‍යම රජයට බවයි.

අධිනීතීඥ ගෝමින් දයාසිරි, නීතීඥ කපිල ගමගේ ඇතුලූ නීතීඥ මඩුල්ලක් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

September 26, 2013 at 10:49 am | lanka C news
http://lankacnews.com/sinhala/news/101742/

ලක්බිම පුවත - ඉඩම් බලය හිමි මධ්‍යම රජයටයි

ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව ඉඩම් පිළිබඳ අයිතිය ඇත්තේ පළාත් සභාවලට නොව මධ්‍යම රජයට බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (26) තීන්දුවක් දී ඇත. 

අගවිනිසුරු මොහාන් පීරිස්, කේ.ශ්‍රී පවන්,ඊවා වනසුන්දර යන විනිසුරු මඩුල්ලේ තිදෙනා වෙන වෙනම ස්වකීය තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එහෙත්, එකී තීන්දු ත්‍රිත්වයෙන්ම තහවුරු කර තිබුණේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉඩම්වල බලතල ඇත්තේ මධ්‍යම රජයට බවය. අධිකරණ තීන්දු මෙන්ම නඩු වාර්තාවන්ද නීති මූලාශ්‍ර ලෙස සැලකෙන බැවින් අද (26) දවසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව ‍‍ඓතිහාසික තීන්දුවක් බව සැලකේ.

ඉන්දියානු බලපෑම මත 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීමක් වෙනුවෙන් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරුණ අතර අදාල 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉඩම් හා පොලිස් බලතලද පළාත් සභා සතුවන බවට කරුණු දැක්වුණද පළාත් සභාවන් මධ්‍යම රජය හා දක්වන සම්බන්ධය පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව සලකා බලන විට ඇතැම් විටෙක සංකීර්ණ තත්ත්වයක් අත්දකින්නට හැකිය. 

මේ නිසාම ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවන්ට පවරාදිය යුතුද නැද්ද යන කාරණය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන කරළියේ කතා බහට ලක්වූ අතර ‍අද ලබා දුන් තීන්දුවෙන් එම බලතලවල අයිතිය කාටදැයි තහවුරු විය.  

2013 සැප්තැම්බර් 26 03:12 pm 
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=18360:2013-09-26-09-47-03&catid=64:2012-09-10-14-02-45&Itemid=87

0 comments: