Pages

Monday, September 16, 2013

අනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌

(සැප්. 17 වැනි දිනට යෙදී තිබෙන අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙනි)

ඉන්දියාවේ සම්බුදු සසුන හා බුදු සමය ව්‍යාප්ත කරවීම අරභයා නරනිඳු ධර්මාශෝකයෝ ඉටු කළ මෙහෙවර මෙන් අනගාරික ධර්මපාල තුමා ලක්‌දිවත් ඉක්‌බිතිව භාරතයේත් බෞද්ධ උරුමයන් ආරක්‍ෂාකොට දියුණු කොට පිරිහෙමින් තිබූ බුදු සසුන නගා සිටුවීමට මහා මෙහෙවරක්‌ කළේය. අවාසනාවකට මෙන් එතුමා ජීවමානව සිටි කාලයේදී නොදුටු ගුණ කදම්භයද, හඳුනා නොගත් ශ්‍රේෂ්ඨත්වයද එතුමාගේ දිවංගතවීමෙන් පසු බොදුනුවන්ගේ අවධානයට ලක්‌ වූ සෙයකි. දිවයිනේ අනේකවිධ නගරවල ස්‌මාරක ප්‍රතිමා ස්‌ථාපනය කරමින්ද වීදි නාමකරණයට ඉදිරිපත් වෙමින්ද ප්‍රකට වූ ගරු බුහුමන ඉන් මනාව පැහැදිලි වෙයි.

1815 උඩරටදී සිංහල - ඉංග්‍රීසි දෙපාර්ශ්වය අත්සන් කළ ගිවිසුමින් බුද්ධාගමත්, වෙහෙර විහාරාරාමත් ආරක්‍ෂා කොට රැකබලා ගැනීමට පොරොන්දු දුන් ඉංග්‍රීසීහු අත්සන් කරන ලද ගිවිසුමේ තීන්ත වියෑලෙන්නටද පෙර සිටම එහි අන්තර්ගත කොන්දේසි උල්ලංඝනයට පෙළඹුණාහ. ක්‍රම ක්‍රමයෙන් බොදුනු සිත් සතන් තුළ ඉංග්‍රීසි විරෝධී - බටහිර විරෝධී නොසන්සුන්තාවයන්ට මතුවීමට ඉඩ සැලසිණ. 1818 සහ 1848 යන කාලවලදී උග්‍ර වූ කැරලි තත්ත්වය, ඉංග්‍රීසි ආණ්‌ඩුව නිර්දය ලෙස එකී නැගිටීම් මර්දනය කළහ. සිංහලයෝ වඩාත් කලකිරීමට පත්වූයේ අන්‍යාගමික මිෂනාරිවරුන්ද ශ්‍රී ලංකාවේ බුදු සසුනට එරෙහිව ඉංග්‍රීසි ආණ්‌ඩුවද විසින් අනුගමනය කළ දුෂ්ඨ ක්‍රියා කලාපයන්ටය. කිසියම් රටක්‌ යටත් විජිතයක්‌ ලෙස පවත්වාගෙන යැමේදී එම රටේ ආගමික සංස්‌ථා නොතකාහැරෙන පිළිවෙතක්‌ ගැනීමේ යෝග්‍යතාවය මැනවින් වටහා ගත් යුරෝපීයයන් දේශීයත්වය කෙළසන පරිදි බටහිරට ගැති සංකර ගති සිරිත මෙරටට බෝ කිරීමට උත්සුක වූහ. ගමක්‌ පාසා සුරා සල්, ගව මස්‌ අලෙවිහල් ව්‍යාප්ත කළ ඔව්හු බෞද්ධ විහාරාරාමද පාසල්ද වසාදැමීමට නීති පැනවූහ.

බෞද්ධයන්ට කිසිදු වරප්‍රසාදයක්‌ ලබා නොදීමට වගබලාගත් ඔවුහු බුදු සමය අතැර කිතුණු දහම වැළඳගත්තවුනට රාජ්‍ය සේවය තුළ සියලු වරප්‍රසාද ලබා දුන්හ. වෙහෙර විහාරවල පැවැත්ම අනතුරට පත්වූ පසු භික්‍ෂුන් වහන්සේලා උපැවිදි වෙමින් ගිහි සමාජයට ඇතුළත්වීම නිසා පන්සල් පාළුවට ගොස්‌ තිබිණ. කොටින්ම ශ්‍රී ලංකාවේ මහණ උපසම්පදාව ලබා ගැනීමට යෝග්‍ය පසුබිමක්‌ ඉතිරි නොවීය. ධරරමපාලතුමා ඇතුළු ගිහි ප්‍රභූවරුද, පැවිදි උතුමන්ද මෙම අවාසනාවන්ත තත්ත්වයන්ට එරෙහිව කටයුතු නොකරන්නට ලක්‌දිවින් බුදු සමයත් සම්බුදු සසුනත් අන්‍ය ලබ්දිකයන් අතින් වැනසීයන්නට බොහෝ අවකාශ තිබිණ. වැලිවිට සරණංකර සංඝරාජ නාහිමියෝ සිරිලක මහණ උපසම්පදාව ඇති කිරීමෙන් වූ මහා ශාසනික මෙහෙවර සදානුස්‌මරණය වේ.

දොන් ඩේවිඩ් ජන්ම ලාභය ලද හේවාවිතාරණ පවුල වනාහී එකල දකුණු ලක ධනයෙන් ආඪ්‍යවූද බුදු සමයෙහි උන්නතිය උදෙසා කැපවූ ඉතිහාසයක්‌ තිබුණා වූද ප්‍රභූ ගණයට අයත්වූ බැවින් ඔහුට ලබාදිය හැකි ඉහළම අධ්‍යාපනය ලබාදීමට දෙමාපියෝ වගබලා ගත්හ. පිටකොටුවේ ශාන්තමේරි, ක¹න ශාන්ත බෙනඩික්‌, ගල්කිස්‌සේ ශාන්ත තෝමස්‌, කොළඹ රාජකීය යන විදුහල්වලින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලද ඔහුට වයස අවුරුදු 18 වන විට එකල සිංහල බෞද්ධයෙකුට ලබා ගැනීමට වරම් තිබූ රජයේ ලිපිකරු තනතුරත් ලබා ගැනීමට හැකිවිය. මාලිගාකන්ද විෙද්‍යාදය පරිවෙනාධිපතිව වැඩ සිටි අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සෙවණෙහි බුදු දහමද, බෞද්ධ දර්ශනයද පාලි සංස්‌කෘත පෙරදිග භාෂාද උගත් ඩේවිඩ් තරුණයා එකල හෙළදිව නානා ප්‍රදේශවල පැන නැඟුණු බෞද්ධ - ක්‍රිස්‌තියානි ආගමික විවාද හේතු කොටගෙන දැඩි උෙද්‍යාaගයකින් බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් යම් යම් ක්‍රියාවල යෙදී සිටියේය. මෙකී වාද අතර ඉහළින් කැපී පෙනුනු පානදුරා වාදය පිළිබඳ Ceහකදබ ඔසපැs පුවත්පතේ පළවූ වාර්තා කියවූ පරම විඥානාර්ථ ජාත්‍යන්තරයේ ක්‍රියාකාරිකයෙකු වූ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමාගේ ලංකා ගමනය හේතුකොටගෙන අප කතානායකයාගේ ජීවිත ගමනින් දිශානතිය වෙනස්‌ විය. ඩේවිඩ් තරුණයා සිය රැකියාවද අත්හැර ඕල්කට්‌තුමා සමඟ රට වටා යමින් පරම විඥනාර්ථ සඳහම් ව්‍යාපාරයේ ව්‍යාප්ත විය.

ශ්‍රී සුමංගල නාහිමියන්ට අමතරව, වැලිගම සුමංගල, වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්මලානේ ධම්මාලෝක, කොග්ගල සංඝතිස්‌ස, ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද සහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද යන පැවැදි පඬිවරුනගේද, ලේඛක පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා, බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර යන ගිහි ප්‍රභූවරුන්ගේද සහාය ලබමින් යටපත්ව ගිය දේශීය බෞද්ධ උරුමයන් යළි ගොඩනැගීමේ දැවැන්ත සටනට කැපවූ ඩේවිඩ් තරුණයා සිය මා පියන්ගේ අවසරය ඇතිව, අනගාරිකව ජීවත්වීමේ වරය ලබා ගනිමින් සිය ජීවිත කාලයම අප තථාගත සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සිරිලක පුරා ව්‍යාප්ත කිරීමේ හා බෞද්ධ ජනතාව අත්විඳි අනේක විධ නොමනා සැලකිලිවලින් සසුන ආරක්‍ෂාකොට පවත්වාගෙන යැමේ උතුම් බෝසත් දිවිපෙවෙතට පිළිපන්හ.

බන්දුල මානවඩු, හම්බන්තොට සාම විනිසුරු
http://www.divaina.com/2013/09/15/feature11.html

සබැඳි ලිපි -
[
සියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: