Pages

Wednesday, September 18, 2013

ෆෙඩරල් බෑ - වාසුදේව

ෆෙඩරල් විසඳුමකට අපිට යන්න බැහැ. අද අපට යන්න පුළුවන් පළාත් සභා විසඳුමකට පමණක්‌ යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධ ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා කියා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී හමුවූ මාධ්‍යවේදීන්ගේ සුහද හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා.

දැන් යම් දේවල් තියෙනවා. අපේ ව්‍යවස්‌ථාවට අනුව පළාත් සභාව තමයි එහි හවුල්කරුවෝ. මධ්‍යම ආණ්‌ඩුව තමයි ඒකේ මෙහෙයුම්කරුවෝ. මුළු ලංකාවටම එක ජාතික සැලැස්‌මක්‌ තියෙනවා. ඒක ව්‍යවස්‌ථාවේ තියෙන එකක්‌. කිසියම් කාරණයක්‌ පිළිබඳව ජාතික සැලැස්‌මක්‌ ඇති කරන කොට ඒ ජාතික සැලැස්‌මට ඕන විෂයක්‌ ඇතුළත් වෙන්න පුළුවන්. ඊළඟට ඒක පළාතේ ක්‍රියාත්මක කරන හවුල්කරුවෝ පළාත් සභාව.

යුද්ධය ඇතිවීමේ හේතුව වුණේ ඒ පළාත් වල ජාතික අභිලාශය ප්‍රකාශ කරන්න යැම. ඉඩම් නොලැබීම එක හේතුවක්‌. සමාජ ආර්ථික ප්‍රශ්නය එක හේතුවක්‌. ඒවා එකට සම්බන්ධ වුණාම දෙමළ ජාතික ප්‍රජාවට ඇතිවුන අදහසක්‌ තමයි ඒගොල්ලන්ට විරුද්ධ විශේෂ ක්‍රියාදාමයක්‌ යනවාය කියලා. පළාත්බදව තමන්ගේ බලයක්‌ ප්‍රකාශ කිරීමට තමන්ගේ අභිලාශය අනුව පාලකයන් පත්කර ගැනීමට ඉඩක්‌ තිබුණේ නැහැ. දැන් ඒක තමයි මේ දෙන්න හදන්නේ. ඒක කරන්න නම් ඔබ සියලු දෙනාම මේ පළාත් සභා වැඩපිළවෙළට සහයෝගය දැක්‌විය යුතුයි. දැන් පළාත් සභා ඡන්දය තියා ගන්න වෙච්ච මහන්සිය අපි දන්නවා. ඉතින් මේකට අපි ඔක්‌කොම එකතු වෙන්නයි තිබුණේ. ටී.එන්.ඒ. එකත් මේ පළාත් සභා ඡන්දය තියා ගන්න බොහෝ සෙයින් මහන්සි වුනා. අපි ඔක්‌කොම එකතු වෙලා පළාත් සභාවක්‌ පිහිටවමු. මේ පළාත් සභාවලට තිබෙන බලතල වෙනස්‌ කරන්න එපා. ඒක තියන්න කියලා ඉස්‌සෙල්ලා ගෙනාපු බලපෑමට කෝ අපේ යාළුවෝ. ටී.එන්. ඒ. එක ඒකට ඇත්වැල දුන්නාද? නෑ. ඒගොල්ලන්ට ඕන නෑ ඒක. ඒගොල්ලන්ට ඕන ඒකට විරුද්ධව යන්න මාවතක්‌ හොයන්න. ඒකයි ඒගොල්ලන්ගේ දෙපිට කාට්‌ටුව. ආණ්‌ඩුව ඇතුලේ පරස්‌පර මත තියෙනවා. මේ ප්‍රශ්නය ගැන විතරක්‌ නෙමෙයි සමහර ප්‍රශ්න ගැනත් එහෙමමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ සහෝදරවරුනි නිවැරදි කියලා අපිට පේන අදහස වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕන.

මෙම මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව්. ගුණසේකර සහ මහාචාර්ය තිස්‌ස විතාරන යන ඇමැතිවරුන්ද සහභාගි වූහ.

http://www.divaina.com/2013/09/18/news17.html

0 comments: