Pages

Sunday, September 29, 2013

පෙර රජදරුවන්ගේ මනුස්‌සකම ලෝකයට පෙන්නූ සත්ත්ව කරුණාව

අතීත රජදවස සිංහාසනාරූඪ වූ රජවරු හුදෙක්‌ ක්‍රියා කළේ රටවැසියාගේ සහ රටේ දියුණුව යහපත උදෙසාය.

රට දැය සමය යෙහෙන් සුරැකි අතීත රජ දරුවෝ වරෙක ඔටුනු හිස දරන අභීත ප්‍රෙෘඪ නායකයෝ වූහ. වරෙක කඩු කිණිසි අත දැරු රණශූරයෝ වූහ. සටන්කාමී වූහ. තවත් වරෙක ඔහු ආදරවන්තයෙකි. විනෝද කාමියෙකි. සෞන්දර්යවාදියෙකි.

ඔහුගේ ජීවන රඟමඬලේ කුමන චරිතාංගයක්‌ නිරූපණය කළද ඔවුහු සැබෑ මිනිසුන්ය. ඒ බැව් පසක්‌ වන්නේ ඔවුහු සත්ත්වයන් කෙරෙහි දැක්‌වූ ඇල්ම ළෙංගතුකම සහ සත්ත්වයන් කෙරෙහි කළ කැපවීම් දෙස බලන කලය.

දහතුන්වැනි සියවසෙහි ඇරඹි කුරුණෑගල යුගයේ පටන්, මහනුවර යුගයේ අවසන තෙක්‌ රජකළ රජවරු සත්ත්වයන් කෙරෙහි දක්‌වා ඇත්තේ අප්‍රමිත සෙනෙහසකි, දයාවකි.

දෙවැනි බුවනෙකබාහු රජ ක්‍රි.ව.1300 දී සිය රාජධානිය කුරුණෑගලට ගෙන ගියද, ඔහුගේ පුත් හතරවැනි පරාක්‍රමබාහු ක්‍රිස්‌තු වර්ෂ 1302 සිට ඇරඹි රාජකීය යුගය ප්‍රභාවත් කාලයක්‌ විය. හෙතෙම රජවන කාලයේ එම ප්‍රදේශය "හස්‌තිශෛලපුර" නම් වීය.

ඊට හේතූ පාදක වී තිබුණේ, එම ප්‍රදේශය මධ්‍යයේ පිහිටි කුඩා කඳු ගැටය ඇතකුගේ විලාශය ගෙන තිබීමය.

හතරවැනි පරාක්‍රමබාහු රජ ඇත්පන්ති රැස්‌කොට ඔහු යටතේ තබා ඇති කිරීමටත් සක්‌මන, විනෝද තරග, යුද පිටියට පසු ගමන්කරුවන් ලෙස යැමට පුරුදු පුහුණු කිරීම ආරම්භ කළේය. ඒ සඳහා කංකානමක්‌ද යොදවා ඔහු යටතේ වූ තවත් සේවක පිරිසද යෙදවීය.

ක්‍රම ක්‍රමයෙන් ඇතුන් සංඛ්‍යාත්මකව වැඩි වන විට ඇත්පන්ති තුනක්‌ පුහුණු කොට ඇති බැව් අසන්නට ලැබෙයි. මෙම කාර්යය සඳහා යොදා ගනු ලැබ ඇත්තේ, අද වන විට දක්‌නට නොලැබෙන නමුත්á එම ප්‍රදේශයේ පැවැති වැවකට ඉහළින් පිහිටා තිබූ කුඩාවැව ප්‍රදේශයයි.

රජ මෙයින් කොපමණ උද්දාමයට පත්වූයේද යත්, "ඇතා"ට සමාන අරුත් ගත් "කුරුණෑ" නාමය පට බැඳ "හස්‌ති - ශෛල" නාමය ශෛල නාමයට "ගල" ආදේශ කොට කුරුණෑගල යන නාමය ව්‍යවහාරයේ යොදවා ඇත.

"සත්වයා" යනු මිනිසාගේ ළඟම හිතවතා බවත්, ඔවුන් සමඟ කටයුතු කිරීම විනෝදාස්‌වාදය සේම, ශක්‌තිය බලය පැතිරවීමටද මහෝපකාරී වන්නා වූ බවත් රජවරු පසක්‌කොට ගත් බවට නිදසුන් එමටය.

සෑම රජකුම එකල "මඩු" පවත්වාගෙන ගියහ. "මඩුව" යනු කාර්යාංශයකි. එය වත්මන ආයතනයක්‌ හෝ දෙපාර්තමේන්තුවකට සමානය.

මඩුවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත්තේ, මාලුගෙයි කංකානම්ගේ නියමය පරිදිය. මාලුගෙයි කංකානම යනු මාළිගයේ කම්කරුවන්ගේ වැඩ පරීක්‍ෂා කරන්නායි. එවැනි සේවා සපයන මාලුගෙයි කංකානම්වරු යටතේ පාලනය වන "මඩු" රැසකි. ඉන් සුවිශේෂී වූ "මඩු" වන්නේ. කුක්‌කන් මඩු, කුරුල්ලන් මඩු සහ අස්‌ පන්ති, දඩ මී ගොන් පන්තිය.

කුක්‌කන් මඩුවක සිටියේ රජුගේ විනෝදාස්‌වාදය පිණිස ඇති කළ සුනඛ රැළය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රවටා ගැනීම පිණිස එකල ඉංග්‍රීසි ජාතිකයන් (සුද්දොa) නා නා මාදිලියේ විදේශීය සුනඛයන් තෑගි වශයෙන් ගෙන දුන් බව සඳහන් වෙයි. ඩොයිලිගේ "උඩරට රාජධානියේ ආණ්‌ඩු ක්‍රමය" කෘතියේ සඳහන් පරිදි, පාතහේවාහැට බෝපිටිය ග්‍රාමයේ කුක්‌කන් මඩුවක්‌ පවත්වාගෙන ගිය බැව්ද සඳහන් වේ.

රජු දඩ කෙළියට යැම සඳහාත්, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහාත්, ආරක්‍ෂාව පිණිසත් සුරතලයටත් සුනඛයන් ඇති කර තිබේ. කුක්‌කන් මඩුවක ඇති කරන ලද රැක බලාගනු ලැබූ සුනඛයන් ගණනින් තිහකට ආසන්නය. ඒ සියලු සුනඛයන් රජුගේ අධීක්‍ෂණය යටතේ හැදෙයි, වැඩෙයි, රැකෙයි, කුක්‌කන් මඩුවේ කටයුතු වල යෙදුණු පිරිස සූවිසි දෙනෙකි.

කුරුල්ලන් මඩුවේ ඇති කර ඇත්තේ සන්නිවේදනය උදෙසා දූත මෙහෙවරෙහි යෙදවීමටය.

අද සැළලිහිණියා අප නිවෙසට පියාඹා එන්නේ විද්යුත් යාන්ත්‍රික පරිපථ ඔස්‌සේය. එහෙත්, එදා සන්නිවේදනය අද තරම් පහසු නැත. පහසු නොවූ බැවින්ම එහි සෞන්දර්ය බවත්, රහස්‍ය බවත්, සේම සන්නිවේදනයේ භාරදූර හා ව්‍යාකූල බවත් රැක ගනිමින් එම සේවය විශිෂ්ටත්වයේ තැබිය හැකි විය. රජුන් එකල අතිවිශේෂ පණිවුඩ යවා ඇත්තේ සැළලිහිණියා හරහාය. පරෙවියා දූත මෙහෙවරේ ප්‍රධාන කාර්යයක්‌ ඉටු කළද රැගෙන ගියේ සාමාන්‍ය පණිවිඩ පමණි. පණිවිඩය රැගෙන යන දුර මත එදිනට එම පක්‍ෂියාට ලබාදෙන ආහාර සහ එහි ප්‍රමාණය තීරණය කරයි. එම කාර්යය මැනැවින් ඉටුකරනුයේ කුරුල්ලන් මඩුවේ ජ්‍යෙෂ්ඨ කම්කරුවකු විසිනි.

දින කිහිපයකට පෙර සිටම රජුන් විසින් පණිවුඩ යෑවීම් පිළිබඳ කුරුල්ලන් මඩුවේ සේවකයන් දැනුවත් කරනුයේ කංකානම හරහාය. මඩුවේ කාර්යභාරය සැලසුම් සහගතව ක්‍රියාත්මක වී ඇත්තේ එලෙසය.

අස්‌ පන්ති අවැසි වූයේ යුධ කටයුතු සඳහාත් සාමාන්‍ය පරිහරණය පිණිසත්ය. කුරුණෑගල අස්‌ පන්තිගම යනු රජවරුන්ගේ බල පරාක්‍රමය මත අසුන් පන්ති වශයෙන් පුහුණු කළ ස්‌ථානයකි.

යුද කටයුතු සඳහා පුහුණු කළද අසුපිට නැඟී ගොස්‌ යුද හරඹ කළ බවත් ඉතිහාසයේ වැඩිදුර සඳහන්ව නැත.

දඩ මී ගොන් පන්තිය කුලප්පු කොට ඉදිරියට යෑවීම රජුන්ගේ කාය ශක්‌තිය, ගාම්භීර බවද ප්‍රෙෘඪත්වයද යුද පිටියේදී විදහා පාන අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැක. ඒ උදෙසා සිරුරෙන් විශාල ශක්‌තිමත් කුලුහරක්‌ පෝෂණය කළේ දඩ මී ගොන් පන්තියේය. යන්තම්පලාව ග්‍රාමයේ දඩ මී ගොන් පන්ති ආරක්‍ෂිතව ඇති දැඩි කළ බවත් "දෙවනපෑතිස්‌ රජ කාලයේ මී හරක්‌ දේසෙන් ගෙන්වාහ" පිටරටින් ගෙන් වූ බවත් නිමේෂ් තිවංකර සෙනෙවිපාලගේ කුරුණෑගල විස්‌තරයේ ද සඳහන් වෙයි.

ඉතිහාස කතාවල අපූර්වත්වයත් රජවරුන්ගේ මානුෂීය සේම සැලසුම් සහගත ක්‍රියාකලාපයන්හි විශිෂ්ට බවත් මෙවැනි සාධක ඔස්‌සේ ගලා එන්නේය.

මෑත අතීතයක හෝ ප්‍රධානියෙක්‌ ප්‍රභූවරයෙක්‌ නායකයෙක්‌ ඉතිහාසයෙන් පෝෂණය නොවන්නේ මන්ද යන්න සිතීම පවා උගහටය. දැනුදු වුවද සාමාන්‍ය වැසියන් සත්ත්වයන් සමඟ සබැඳියාවක්‌ පවත්වන්නේ ඉතිහාසයේ පැවැති කාර්යංශ හෙවත් "මඩු" වලට පින් සිද්ධ වන්නට විය හැකිය.

යමක්‌ අර්ථවත්ව කළ විට ලැබෙන ප්‍රතිඵල අනර්ඝය.

වසර 1782 ජනවාරි 2 වැනි දින කීර්ති ශ්‍රී රාජසිංහ රජු මියගියේ අසුපිටින් වැටී ඇතිවූ තුවාල කරණකොටගෙනය. මෙකල එවන් විපතක්‌ නොවන්නේ මෙලක නායකයෝ අසුපිට නැගී නොයන නිසාත් සත්ත්වයන් වෙන්කොට නොහඳුනන නිසාත්ය.

එකල "රජ සමයේ සතුන් පෝෂණය කරමින් සැලසුම් සහගතව සිදුකළ වැඩපිළිsවෙල" ආභාසයට ගනී නම් අද ද මෙලක සැලසුම් සහගතව පාලනය වනු දක්‌නට ලැබෙනු ඇත.

උපේක්‍ෂා වීරසේකර
http://www.divaina.com/2013/09/29/feature08.html

0 comments: