Pages

Saturday, September 28, 2013

බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ

මුස්‌ලිම් කාන්තාවන් හා තරුණියන් සම්පූර්ණ මුහුණු වසාගෙන පර්දාවෙන් සැරසී පාසල්වල අධ්‍යාපනය හැදැරීමත් ප්‍රසිද්ධ ස්‌ථානවල හැසිරීමත් තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වේ. 

බ්‍රිතාන්‍යයේ ස්‌වදේශ කටයුතු ඇමැති ජෙරමි බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තා අයිතිය ආරක්‌ෂා කිරීම වෙනුවෙන් තහනම පැනවිය යුතු බවයි. 

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු රැසක්‌ම පර්දාව තහනම් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

මුස්‌ලිම් කාන්තාවන්ද අනෙක්‌ කාන්තාවන්සේම අයිතිවාසිකම් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය ස්‌වදේශ කටයුතු ඇමැතිවරයා පවසා ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය රෝහල්වල මුස්‌ලිම් සේවිකාවන් නිකාබ් ඇඳුමෙන් සැරසී සිටීම (සම්පූර්ණ කළු ඇඳුමින් ශාරීරය වසා ඇස්‌දෙක පමණක්‌ විවෘත) තහනම් කර ඇත.

එරට රජයේ නියෝගය වී ඇත්තේ රෝගියා මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන තැනැත්තාගේ මුහුණු සම්පූර්ණව විවෘතව තැබිය යුතු බවයි.

http://www.divaina.com/2013/09/28/forign03.html

සබැඳි ලිපි -
[
බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයට
http://denethharinna.blogspot.com/2013/08/blog-post_27.html
]

0 comments: