Pages

Wednesday, September 25, 2013

ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නිසා බදුල්ලට බරපතළ පාරිසරික හානියක්‌

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහා පරිමාණයෙන් එළවළු වගා කෙරෙන බණ්‌ඩාරවෙල, වැලිමඩ, ඌව පරණගම, හාලිඇල, හපුතලේ, ඇල්ල හා හල්දුම්මුල්ල යන ප්‍රදේශවල කෘෂි රසායන භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්‌ටික්‌ ඇසුරුම් නිසා බරපතළ පාරිසරික හානියක්‌ සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ගොවි ජනතාව විශාල වශයෙන් තම වගා කටයුතු සඳහා භාවිතයට ගන්නා කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු කොට ඇති මෙම ප්ලාස්‌ටික්‌ ඇසුරුම් විනාශ නොකොට අවිධිමත් ලෙස තැන් තැන්වල විසිකර දැමීම නිසා පස්‌ හා ජලයට දැඩි අවදානමක්‌ එල්ල කරනු ලැබ ඇත.

කෘෂි රසායනික ප්ලාස්‌ටික්‌ ඇසුරුම නිසා සිදුව ඇති ව්‍යසනකාරී පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන බදුල්ල දිස්‌ත්‍රික්‌ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඒ. බී. එම්. විඡේතුංග මහතා මෙසේ පවසයි.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවක මහා පරිමාණයෙන් එළවළු වගා කරනවා. මේ සඳහා උග්‍ර විෂ සහිත කෘමිනාශක හා පළිබෝධ නාශක විශාල වශයෙන් යොදා ගන්නවා. මේ කෘමි නාශක හා පළිබෝධ නාශක භාවිතා කිරීමෙන් පසු ඉවත දමන ප්ලාස්‌ටික්‌ ඇසුරුම් බෝතල් නිසා අද පරිසරයට එල්ල වෙලා තියෙන්නේ සුළු පටු තර්ජනයක්‌ නෙමෙයි. ගොවීන් මෙම හිස්‌ ප්ලාස්‌ටික්‌ අසුරුම් විනාශ නොකර ගොවිබිම්, යාබද ප්‍රදේශවල මෙන්ම දිය පාරවල් ආශ්‍රිතව අක්‍රමවත් ලෙස විසි කර දමනවා.

පළිබෝධ නාශක පනතින් මෙම ඇසුරුම් නැවත නැවත භාවිතා කිරීම තහනම් කර එම ඇසුරුම් විනාශ කළ යුතු බව සඳහන් කර තිබෙනවා. නමුත් එය එලෙස ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා පළිබෝධ නාශක ආරක්‍ෂාකාරීව භාවිතා කිරීම සම්බන්ධව බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන වඩාත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා යෑයි ද බදුල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පවසයි.

බණ්‌ඩාරවෙල - ශාන්ත ලාල් නානායක්‌කාර
http://www.divaina.com/2013/09/25/provin11.html

0 comments: