Pages

Friday, September 27, 2013

බැරැක් හුසේන් ඔබාමා ඇමරිකාව තුළම පිරිහේ

ඔබාමාගේ විදෙස් ප‍්‍රතිපත්තියට ඇමරිකානුවන්ගෙන් අඩක්ම විරුද්ධයිඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් එරට විදේශ ප‍්‍රතිපත්තිය හසුරුවන ආකාරය පිළිබඳව ඇමරිකානු ජනතාවෙන් 49%ක් විරෝධය දක්වන බව නිව්යොක් ටයිම්ස් සහ සී.බී.එස් පුවත් සේවා විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

එය විදෙස් ප‍්‍රතිපත්තිය පිළිබඳ මත විමසුමකදී ඔබාමා ලැබූ විශාලතම ප‍්‍රතික්‍ෂේප කිරීම බවද පැවසේ.  ඩිමොක‍්‍රටික් මතධාරීන් 8%කින් රිපබ්ලිකන් වරුන් 10%කින් සහ ස්වාධීන මතධාරීන් 13% කින් විරුද්ධ මතය ඉහළයාම සියලූ දේශපාලන මතධාරීන්ට එක හා සමාන ලෙස බලපෑම තහවුරු කරන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.  සිරියානු අර්බුදය පිළිබඳ ජනපතිවරයාගේ ක‍්‍රියාකලාපය නොගැලපෙන බව 52%ක් පවසා ඇති අතර රසායනික අවිහරණය පිළිබඳ යෝජිත වැඩපිළිවෙලට 82%ක් කැමැත්ත පළ කර තිබේ.

ඉතාම දුර්වල තත්වයක සිටින ජනාධිපතිවරයා සිරියාව සමග අන්තරාදායක තත්වයට ඇදදමන බව පවසන සමීක්ෂණයකට එක්වූ හමුදා සොල්දාදුවකුගේ මවක් වන ආර්ලීන් වුඞ්ස් පවසා ඇත්තේ ඇමරිකානු භූමිය වෙත තර්ජනයක් එල්ල නොවන විටක මිලිටරි බලය යෙදීම යුක්ති සහගත නොවන බවයි.

සිරියානු අර්බුදයට මැදිහත්වීමට වොෂින්ටනයට වගකීමක් නොමැති බවද සමීක්ෂණයට එක්වූ 68%ක මතය වී තිබේ.  ඉරානය පිළිබඳ මැදිහත්වීමට 44%ක් විරුද්ධත්වය දක්වා ඇති අතර 41%ක් සබඳතා පවතින ආකාරයටම තිබෙනු ඇතැයි ද 32%ක් ඒවා බිඳවැටෙනු ඇතැයිද 22%ක ප‍්‍රමාණයක් ඒවා වර්ධනය වනු ඇතැයිද පවසා ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් 19-23 දින අතර දුරකථන හරහා සිදුකර ඇති සමීක්ෂණයට රටපුරා ඇමරිකානුවන් 1014ක් සහභාගීවූ බව සමීක්ෂකයන් පවසයි.

September 27, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/101795/

0 comments: