නැගෙනහිර පළාතේ ප්‍රාථමික ගුරුවරුන් එක්‌දහස් තුන්සියයකගේ අතිරික්‌තයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. මේ නිසා මෙවර අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුව ලැබූ ප්‍රාථමික ගුරුවරුන් භාරගැනීම එම පළාත විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. එම පළාතේ ජාතික පාසල්වල ද පුරප්පාඩු නොමැති හෙයින් ගුරුවරුන් නොඑවන ලෙස අමාත්‍යාංශයට දන්වනු ලැබ තිබිණි. නැගෙනහිර පළාතේ පවතින තත්ත්වය මත තවත් වසර දෙකක් පමණ ගතවනතෙක් ප්‍රාථමික ගුරුවරුන් බඳවාගැනීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
නිලන්ත මදුරාවල
http://www.divaina.com/2014/07/15/provin02.html
Pic
Source
0 comments:
Post a Comment