අද ලෝකයේ පවතින්නාවූ තත්ත්වය අනුව ගණනය කිරීමේදී වසර 2100 වන විට ලෝකයේ ඝන අපද්‍රව්‍ය නිපදවීම දිනකට ටොන් මිලියන 11 ඉක්‌මවන බව ගණනය කර ඇත. මෙය අද තත්ත්වයේ තුන්ගුණයක වැඩිවීමකි. ජනගහනය පාලනය, ගහන ඝනත්වය, නිපදවීම් සඳහා කාර්යක්‌ෂමව සම්පත් භාවිතය කරන නගර හා සම්පත් හා අමුද්‍රව්‍ය අවම භාවිතය මගින් ලොව අපද්‍රව්‍ය අවම කිරීමේ වර්ධනය 2075 වර්ෂය වනවිට බලාපොරොත්තු විය හැක. එය එසේ සිදුවුවහොත් 25%කින් අපද්‍රව්‍ය නිපදවීම අඩුවිය හැකි අතර එය දිනකට ටොන් මිලියන 2.6ක් පමණ වේ.
විකල්ප හා ප්‍රතිචක්‍රීකරණය
අද පවතින්නා වූ ලෝක අපද්‍රව්‍ය ප්‍රශ්නය යහපත් ලෙස කළමනාකරණය කළ හැක්‌කේ කෙසේද? ප්‍රාදේශීය හා ස්‌ථානීය ලෙස අපද්‍රව්‍ය පාලනයට දායක විය හැක. සමහර නගර හා රටවල් මේ සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත. කැලිෙෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්‌කෝ නගරය වසර 2020 දී සම්පූර්ණයෙන් කසළ කළමණාකරණ කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා අපද්‍රව්‍ය අවම කිරීමට හා ප්‍රතිචක්‍රීකරණයට කටයුතු යොදා ඇත. මේ වනවිට එහි නිපදවන අපද්‍රව්‍යවලින් 55% ක් පමණ ප්‍රතිචක්‍රීකරණයට හෝ නැවත භාවිතයට හෝ ගනු ලැබේ. ජපානයේ කවසාකි නගරය එහි නිපදවන අපද්‍රව්‍ය ටොන් 56500ක් පරිවර්තනය හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කටයුතු යොදා ඇත. අපද්‍රව්‍ය හුවමාරුව හා නැවත භාවිතයට යකඩ, සිමෙන්ති, රසායනික ද්‍රව්‍ය හා කඩදාසි කර්මාන්ත මේ වන විටත් කටයුතු කරයි. ඇමරිකාව හා යුරෝපයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ගාස්‌තුව වැඩි කිරීමට කටයුතු කළ අතර මෙමගින් අපද්‍රව්‍ය නිපදවීමේ ප්‍රමාණයේ අඩුවීමක් ඇතිවී ඇති බව වාර්තා වේ. තවත් උපක්‍රමයක් වනුයේ, වැඩි වූ ආර්ථීකයන් සමග ජනතාවට අවම ප්‍රමාණයට අමුද්‍රව්‍ය, උපකරණ හා අවශ්‍ය දේ මිලදී ගැනීමට දිරිමත් කිරීම මෙන්ම අවම සම්පත් භාවිතයෙන් පළපුරුද්ද ලබාගැනීමේ ක්‍රියාවන්ට මුදල් වැය කිරීමට ඔවුන් පෙළඹවීම සඳහන් කළ හැකිය.
නමුත්, සම්පත් භාවිතය හා අපද්‍රව්‍ය කළමනාකරණය යහපත් කිරීමට සීග්‍රයෙන් දියුණු වන නගර වැඩි අවධානය යොමු කළ යුතු බව පැහැදිලි වේ. විශේෂයෙන්ම, දියුණු වන රටවල අපද්‍රව්‍ය නිෂ්පාදනය වර්ධනය දැක්‌විය හැක. අධ්‍යාපනයේ දියුණුව, සමානාත්මතාව, අපේක්‌ෂිත ආර්ථීක වර්ධනය අනුව ගණනය කිරීමේදී ලෝක ජනගහනය වර්ෂ 2075 වන විට බිලියන 8කට අඩු මට්‌ටමක ස්‌ථායී විය හැකි අතර, ඉන් අනතුරුව නගර ජනගහනයද ස්‌ථායී වනු ඇත. මෙයින් පෙනීයන්නේ අධිකව ජනාකීර්ණ නගරයන් හා සීමිත සම්පත් භාවිතයට යොමුවීමයි. එසේම කාර්මීකරණය පරිසර විද්‍යාත්මකව පාලනය කිරීමට නාගරික හා කාර්මික අංශ සම්පත් සංරක්‌ෂණයට යොමුකළ යුතුය.
ආහාර නාස්‌තිය හා උද්‍යාන වගාවන් මගින් ඇතිවන්නා වූ අපද්‍රව්‍ය අවම කිරීම වැදගත්වේ. මෙමගින් නිපදවන්නා වූ අපද්‍රව්‍ය විශාල ලෙස ඉතිරිව පැවතීම සැලකිල්ලට ලක්‌විය යුතුය. ඉදිකිරීම් හා කඩා බිඳදැමීම් මගින්ද විශාල ලෙස අපද්‍රව්‍ය නිපදවීම සිදු වේ. එමනිසා ඉදිකිරීම් සඳහා පවතින්නාවූ සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට යොදා ගැනීම මගින් අපද්‍රව්‍ය නිපදවීම අඩු කරගත හැක.
ලෝක ගෝලය අද වන විට අපද්‍රව්‍ය නිසා දැඩි පීඩනයකට ලක්‌වී ඇත. නමුත්, අප අපද්‍රව්‍ය නිපදවීම තුන්ගුණයකින් වැඩි කිරීමට ක්‍රියාකරන අයුරු කනගාටුවට කරුණකි. ජනගහනය අඩු කිරීම හෝ ස්‌ථායී මට්‌ටමක පවත්වාගැනීම, ජනගහනය අධික, යහපත් කළමනාකරණයෙන් යුතු අවම සම්පත් භාවිත කරන නගර ඇති කිරීමේදී සමානතාව හා දියුණු තාක්‌ෂණය භාවිතය මගින් අපද්‍රව්‍ය නිෂ්පාදනය හා එහි වර්ධනය පාලනය කළ හැකිය. මෙමගින් ඇතිවන්නාවූ පාරිසරික, ආර්ථීක හා සමාජීය ප්‍රතිලාභයන් බොහෝ ය. උපුටා ගැනීම නේචර් (භ්එමරු 31ග ධජඑදඉeරග 2013 සඟරාවට මහාචාර්ය ඩැනියල් හූර්න්වෙග්, ආචාර්ය පෙරිනාස් බාඩා - ටාටා හා මහාචාර්ය ක්‍රිස් කෙනඩි විසින් ඉදිරිපත් කරන ලද ලිපියකිනි.
මො.මු. බාහිර්
http://www.divaina.com/2014/07/08/feature06.html
Pic Source
සබැඳි ලිපි -[
කසල සම්පතක් කර ගනිමු! - 1
http://denethharinna.blogspot.com/2014/07/blog-post_1.html
]

0 comments:
Post a Comment