Pages

Tuesday, July 8, 2014

දලයි ලාමාගේ පදනම් විරහිත ප්‍රකාශය හෙළා දකිනවා - ඇල්ලේ ගුණවංශ හිමි

මුස්‌ලිම් ජනතාවට එරෙහිව මෙරට බෞද්ධ ජනතාව සාහසික ලෙස කටයුතු කරන බවට බෞද්ධ නායකයකු වන දලයි ලාමා තුමන් සිදුකර ඇති පදනම් විරහිත ප්‍රකාශය හෙළා දකින බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ 'දිවයින'ට පැවසූහ.

නිවැරැදි තොරතුරු හා මූල සාධක නොමැතිව පළ කළ එම තාර්කික නොවන ප්‍රකාශය මෙරට ජනකොටස්‌ අතරේ පවතින අෙන්‍යාන්‍ය විශ්වාසයට හා සහජීවනයට අහිතකර බලපෑම් ඇතිකරවන බවද ඒ හිමියෝ සඳහන් කළහ.

බෞද්ධ නායකයකු වන දලයි ලාමා තුමන් නොමග යවා මෙම ප්‍රකාශ ලබාගෙන ඇති බවත් පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙරට පිළිබඳ සාවද්‍ය තොරතුරු පදනම් කොට ජාත්‍යන්තරයට හඬ නැගෙනසේ විවිධ වූ ප්‍රකාශ නිකුත් කිරීමේ මාධ්‍ය මෙහෙයුම වේගවත්ව කෙරෙන බව මේ මගින් පෙනී යන බවත් පැවසූහ.

බුදුදහමේ මතවාදය අනුව ක්‍රියාකරන මෙරට බෞද්ධයා මෙත් සිතින් හා උපේක්‍ෂාවෙන් කටයුතු කළත් එම ප්‍රතිරූපය බිඳහෙළීමේ කුමන්ත්‍රණයක්‌ දශක ගණනාවක සිට ක්‍රියාත්මක බවත් සඳහන් කළ උන්වහන්සේ විදේශ කටයුතු අමාත්‍යංශය හා තානාපති සේවාවන් මේ පිළිබඳ සංවේදීව හා අවධානයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/07/08/news26.html

Pic Source

1 comments:

Unknown said...

He should talk about his people suffer under Chinese.. without slandering other Buddhist country. ..for what ?