එසේ නොකිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්‌ඩුව ලැඡ්ජා විය යුතු බවත් එදා අමිර්තලිංගම් කොටි ත්‍රස්‌තවාදයේ අංකුර ජාත්‍යන්තරය ඉදිරියේ යුක්‌ති සහගත කළ අයුරින්ම හකීම් මහතාද භික්‍ෂූන්වහන්සේ පෙන්වමින් මුස්‌ලිම් අන්තවාදය යුක්‌ති සහගත කිරීමට කටයුතු කරන බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
රට තුළ ඇති තලේබාන් අංකුර මුවහත්කර බෞද්ධ විරෝධී ආගමික ත්‍රස්‌තවාදයකට හකීම් පාර කපන බවත් ඔහුගේ තර්ජන ගර්ජන හා සරදම් කතාවලින් මහා සංඝරත්නය හෝ බෞද්ධ ජනතාව බිය වැද්දිය නොහැකි බවත් හෙතෙම අවධාරණ කර සිටියේය.
රජය භික්‍ෂූන්වහන්සේලාගේ කටයුතු පාලනය රට තුළ මුස්‌ලිම් අන්තවාදයක් ඇතිවිය හැකි යෑයි හකීම් මහතා විදෙස් මාධ්‍යයට කර ඇති ප්‍රකාශය බළලා මල්ලෙන් එළියට පැනීමක් බවත් රජය කළ යුත්තේ භික්‍ෂුන්වහන්සේ පාලනය කිරීමට පෙර මුස්‌ලිම් සමාජයේ හිස ඔසවන අන්තවාදය හා සමාජ බෙදුම්වාදය පාලනය කිරීම බවත් වර්ණසිංහ මහතා පැවැසීය.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/07/17/news24.html
0 comments:
Post a Comment