විල්පත්තුවට මෙන්ම යාල නිවුන් වනෝද්‍යානයටද මේ දිනවල ඉඩෝරය සැරය. පසුගිය මහ කන්නයේ සිට මේ දක්‌වා මාස අටක පමණ කාලයක් හරිහැටි වර්ෂාපතනයක් ලැබී නැත. එනිසාම තෘණපිටි ඇතුළු යාල වනෝද්‍යානය ගිනි කාෂ්ඨකයේ දැවේ. වනසතුන් දිවිය ගැට ගසාගන්නේ ඉතා අපහසුවෙනි. වැව් හා කෙම් තුළ ඉතිරිව ඇති දිය පොද තොලගානු රිසියෙන් වන සතුන් ඒ වෙත ඇදෙන්නේ විටෙක ජීවිත බයෙනි.
අලි, කොටි වළසුන් කෙසේ වෙතද මුවන් ගෝනුන්, ඌරන් ඇතුළු කුඩා සතුන් දිය පොදක් තොලගානු රිසියෙන් වතුර වළකට ඇදෙන්නේ හද ගැහෙන බියකිනි. ගොදුරු පිපාසාවෙන් පෙළෙන කිඹුලන්, කොටින් ඇතුළු මාංශ භක්‍ෂකයන්ට මේ ශුෂ්ක කාලය තරමක් ආහාරවලින් සුලභ වන්නේ දිය පිපාසාවෙන් කෙම් වෙත ඇදෙන සතුන් පහසුවෙන් ගොදුරුකරගත හැකි නිසාය. එවන් දුක්‌බර දසුන් කිහිපයක්‌ම දැකගන්නට මා හට අවස්‌ථාව උදාවූයේ දින කිහිපයකට යාල උද්‍යානයේ හීන්වැව සංචාරක නිවහන වෙන්කරගෙන ගතකළ දින කිහිපයක කාලයේදීය. බොර පැහැගැන්වුණු වතුර වළ තුළ කිමිද සිටින කිඹුලන් එහි වතුර පොදක් තොලගාන්නට පැමිණි මුව පොව්වන් කිහිප දෙනකුම ගොදුරු කරගත් අයුරු වේදනා සහගත නමුදු එය සොබාදහමේ රිද්මය බවද මෙහිදී අප අමතක කළ යුතු නැත.
එසේම, යාල වනෝද්‍යානයට බොහෝ සංචරකයන් පැමිණෙන්නේම කොටි හා වළසුන් දැකබලාගනු ආශාවෙනි. මේ ඒ සඳහා හොඳ කාලයකි. පලු හා වීර ඉදී ඇති බැවින් එම ගස්‌මතද ගස් යටද වළසුන් ආහාර බුදින දසුන් එතරම් දුලබ දර්ශන නොවේ. පරිසරය මෙන්ම කේඩෑරීවී ගිය කොටි නාම්බන්ද කිහිප දෙනකුම අප දුටුවේ මාර්ග අද්දර වැතිර සිටියදීය. හොඳින් වාහනවලට හුරු වූ මෙම කොටි සංචාරකයන්ගේ කැමරාවලට මුහුණ දෙමින් පැමිණි අය අමන්දානන්දයට පත් කළහ.
අලි ඇතුන්ගෙන්ද යාලට අඩුවක් නැත. එහෙත් දැන් එහි අලින් කෘෂවී ඇත්තේ හරිහැටි අහරක් හෝ ජලය නොමැති නිසාය. මෙහි ඇති පින්තූර ඊට කදිම සාක්‍ෂි සපයයි. "ගැමුණු" ඇතුළු අලි ඇතුන්ද, වළසුන්ද අපගේ කැමරාවේ සටහන් වූයේ ආහාර හා ජලය සොයමින් සිටින අවස්‌ථාවලදීය. වළස් නාම්බකු පලු ගසක් යට පලු කමින් සිටියදී පැයකට වැඩි කාලයක් නිරීක්‍ෂණය කරන්නට අපට හැකි විය. එසේම ඌරන් රංචු මඩ කෙළියේ යෙදී සිටින අයුරුද වනජීවී දිවියේ අපූරු මතක සටහන් අපට එක් කළේය. දින තුනක යාල සංචාරය මෙවර අපට මහත් ආශ්වාදයක් ගෙන දුන්නද ඉඩෝරයට ගොදුරු වූ යාල වන උයනේ වනසතුන් ගෙවන දුක්‌බර දිවිය ගැන අපට කියන්නට ඇත්තේ දුක්‌බර කතාන්දරයකි.
රජිත ප්‍රනාන්දු
http://www.divaina.com/2014/07/15/feature03.html

0 comments:
Post a Comment