පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති පාකිස්‌තානු ජාතිකයා 45 හැවිරිදි පුද්ගලයකු වන අතර කාන්තාව 29 වැනි වියේ පසුවන්නියකි. මොවුන් මීට මාසයකට පමණ පෙර සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව පොලිසිය කියා සිටියි.
පොලිස් අත්අඩංගුවේ පසුවන පාකිස්‌තානු ජාතික යුවළ මොරටුව සුපිරි වෙළෙඳ සැලකින් රු 39000 ක්‌ද, පානදුර ප්‍රදේශයෙන් රු 75000 ක්‌ද, වාද්දූව ප්‍රදේශයෙන් රු 90,000 ක්‌ද තවත් ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල්වලින් මේ ආකාරයට අයකැමිවරුන් හා මිත්‍රශීලීව කටයුතු කර මුදල් කොල්ලකා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය කරගෙන ඇත.
ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට, ස. පො. අ. ඡේ. එම්. පී. ජයලත් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක චානක ඉද්දමල්ගොඩ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. එරික් රෝහිත හා උ. පො. ප. අනුරාධ, පො. සැ. (24604) ජූඩ් යන පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
චමින්ද සිල්වා, එස්. පී. ආරියරත්න
http://www.divaina.com/2014/07/16/news05.html
Pic Source
0 comments:
Post a Comment