දර ඉපල් මෙන් දිරාගිය සිරුරකින් යුත් එම කාන්තාවෝ වයසට වඩා වියපත් වී සිටියේ මුළු ජීවිත කාලය පුරාම විඳින ලද අනේකවිධ දුක්‌ඛ දෝමනස්‌සයන් නිසා විය හැකිය. දැඩි හිරු රැසින් ගිනියම් වී තිබුණු මුලතිව් මුහුදුවැලි මිශ්‍ර මහ පොළොවේ ඔවුනට කොතැනත් එක සමාන නිසා කාන්තාවෝ කුඩා කුඩා කණ්‌ඩායම් වශයෙන් රංචු ලැදියාවක නිරත වෙමින් සිටියේ තමන්ගේ වාරය එන තුරුය.
"නාගලිංගම් මහේස්‌වරී... ඊ... ඊ... ඊ..."
ඉතා උස් හඬින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් කෑමොර දෙයි.
රංචු ලැදියාවෙන් මිදී මහා තානාන්තරයක් ලැබුණ අයෙකු මෙන් මහේස්‌වරී නිලධාරිනිය ළඟට ගියේ එක පිම්මටය. නිලධාරිනිය වාඩිවෙන මෙන් මහේස්‌වරීට අණ කළත්, උපන්දා සිට බයාදු ජීවිතයකට උරුමකම් කී මහේස්‌වරී නිලධාරිනියට ඇති ගරු සරුකම නිසාම අසන දේට පිළිතුරු දෙන්නේ හිටගෙනමය.
"මොකද්ද? ප්‍රශ්නෙ..."
මට කන්ඩ අඳින්ඩ දෙන්න හිටිය එකම පුතයි. එයාව එල්.ටී.ටී.ඊ. එකෙන් අරන් ගියා. එදා ඉඳලා මම ඒ ගොල්ලන්ගෙ කඳවුරු තිබුණු හැම තැනකටම ගිහිං පුතාව ඉල්ලුවා.
"පුතා එවන්නම්... අම්ම යන්න කිව්වා. මම ආවා. අද වෙනකල් පුතා ගෙදර ආවෙ නෑ..."
දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු මැද මහේස්‌වරී මල්ල තුළට අත යවයි. වේවැල් වෙනුවට ආදේශකයක් වූ පුටු වියන සින්තා වැල්වලට වඩා තරමක් මහත වූ ප්ලාස්‌ටික් පට්‌ටාවලින් වියන ලද නා නා විධ වර්ණයෙන් යුත් ප්ලාස්‌ටික් මල්ල ඔවුන්ගේ ලිපි ගොනුවයි.
මහේස්‌වරී මුලින්ම අතට ගත්තේ අතුරුදන් වූ සිය පුතාගේ විශාල කළ ඡායාරූපයයි. එම ඡායාරූපය විශාලකොට ලැමිනේට් කළද මහේස්‌වරීගේ බුලත් කෙළ තැවරීම නිසාත්, ඡායාරූපය නිලධාරීන්ට පෙන්වන වාර ගණන සිය දහස් වාරයක් වීම නිසාත් අතුරුදන් වූ පුතා සිටින ඡායාරූපය අපැහැදිලිය. එහෙත් සිය පුතා පිළිබඳ මහේස්‌වරීගේ මතකය අවදි කිරීමට ඇති එකම එක වස්‌තුව මේ ඡායාරූපය පමණි.
අම්මා මේක අරන් අතෙන්ට යන්න. නිලධාරිනියගේ වදන් පෙළත් සමග මහේස්‌වරී තිගැස්‌සී යළි පියවි සිහිය ලබයි. යන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වන මහේස්‌වරී නිලධාරිනිය දුන් තුණ්‌ඩු කැබැල්ලද රැගෙන වීදුරු කූඩුවක් තුළට පියමං කරනු පෙනේ. මහේස්‌වරී නික්‌මීමෙන් අනතුරුව නිලධාරිනිය ඉදිරියේ වූ හිස් අසුනට තවත් අයෙකුගේ නම අඬගැසේ. එසේ පැමිණෙන අයද මහේස්‌වරී අතරද කිසිදු වෙනසක් නොමැත. සියලු දෙනාගේම ප්‍රශ්නාවලිය, දුක්‌ගැනවිල්ල ආයාචනය පොදුය.
"ආවා. අරන් ගියා. තවම ආවෙ නෑ." එසේත් නොමැති නම් එන්න කිව්වා. පුතා ගියා අද වෙනකල් දකින්න ලැබුණේ නෑ..."
පුරා දින හතරක්‌ම මේ අඳෝනාවන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ දී අසන්නට ලැබිණි. ඒ යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ රැස්‌වූ අවස්‌ථාවේදීය. දින දෙකක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීද තවත් දින දෙකක් මුලතිව් මුහුදුබඩපත්තු (මැරිටියන්පත්තු) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද රැස්‌වූ අවස්‌ථාවේදීය.
යුද්ධය ක්‍රියාත්මක වූ කාලය වසර තිහකට වැඩිය. යුද්ධය හමාර වී ගෙවෙන කාලය වසර පහකට වැඩිය. අවුරුදු හතළිහක් පමණ වූ මේ කාල දෙක අතර මේ මිනිසුන් යුද්ධයෙන් තමන්ට සිදුවූ අවනඩු ගැන කියන්නට නොගිය තැනක් නොමැත. තමන්ට සිදුවූ දේ ගැන විස්‌තර කිරීමේදී සිංහල කාන්තාවන්ට වඩා දෙමළ කාන්තාවන් තුළ ඇති අපූරු කෞශල්‍යය ඉහළ මට්‌මටක පවතින බව මේ පසුගිය කාලයේදී අප අත්දැකීමෙන් උකහා ගත් කාරණයකි. මුවින් පමණක් නොව අංග චලනයෙන්ද අදහස් දක්‌වන දෙමළ කාන්තාවෝ වසර තිහකට ඉහතදී අතුරුදන් වූ තම පුතා පිළිබඳව ඉකිගසමින් විලාප තබමින් තොරතුරු ඉදිරිපත් කරද්දී ඇයගේ පුතා මේ දැන් මියගොස් දේහය ඇය ඉදිරියේ ඇති නියාව දැක්‌වෙන පරිසරයක් ගොඩනැඟෙයි. එතැනින්ද නතර නොවන ඔවුන් කොමිසමේ නිලධාරීන් ඉදිරියේ සාක්‌කි දෙන්නේ ඔවුන්ගේ දෙපා නමැද හඬා වැටෙමිනි.
"අනේ මගෙ පුතා කොහොම හරි හොයලා දෙන්න..."
ඔවුන්ගේ ආයාචනාවල කෙළවරක් නොමැත. කොමිසමේ නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තම දුක් ගැනවිලි ඉදිරිපත් කරන පිරිස මීළඟට හමුවෙන්නේ ජනමාධ්‍යවේදීන්ය. ඔවුන් අසනු ලබන විවිධ ප්‍රශ්නවලටද ඔවුන් පිළිතුරු සපයන්නේ ඒ ආකාරයෙන්මය. ගිරවාගේ මුව රැඳෙන එකම වදන් පෙළ මෙන් මේ පිරිස අවසානයේදී ජනමාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටින්නේ "අනේ මගෙ පුතා කොහොම හරි හොයලා දෙන්න" යනුවෙනි.
උණහපුලුවා යනු සත්ත්ව ලෝකයේ සිටින අවලස්‌සනම සත්ත්වයා බවට පිළිගැනීමක් තිබේ. උණහපුලුවා කොතරම් අවලස්‌සන වුවත්, පිළිකුල් වුවත් උණහපුලුවාගේ පැටියා උණහපුලුවාගේ මවට මැණිකක් මෙන් වටී. දාරක ස්‌නේහය පිළිබඳව මේ කී කතා සියල්ල ඉතා ප්‍රායෝගිකවම අත්විඳීමට මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මෙන්ම අතුරුදන් වූවන් පිළිබඳව කටයුතු කෙරෙන ඕනෑම තැනක් හොඳම තෝතැන්නක් වන්නේය.
කොමිසම ඉදිරියේ සාක්‌කි දීමෙන් අනතුරුව විඩාබරව සිටි වයෝවෘද්ධ මාතාවක් මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පයිප්පයෙන් වතුර බීමට ගිය අවස්‌ථාවේදී ඇයගේ සින්තා මල්ලට වතුර ගොසිනි. අතුරුදන් වූ සිය දියණියගේ ඡායාරූප ඇතුළු සියලු දේ තෙතබරිත වී ඇති නිසා ඇය ඒවා මුලතිව් වැලි පොළවේ ගඩොල් කැට කීපයක් මත තබා වේලා ගැනීමට උත්සාහ දරමින් සිටියාය.
"අම්මා... කොහොමද? ආව වැඩේට මොකද වුණේ..."
මගේ හඬින් තිගැස්‌සුණු ඇය ආපසු හැරී බැලුවාය. බුලත්විට සපාකෑමෙන් දුර්වර්ණ වූ ඇගේ මුවේ උඩු ඇන්දේ ඉතිරි වී තිබූ දත් දෙකෙන් පෑ සිනහව ඉතා බයාදු සිනහවකි. මරියදාසන් තංගමනී නම් වූ ඒ මව සිය දියණියගේ අතුරුදන් වීම ගැන කොමිසමට කරුණු ඉදිරිපත් කිරීමට පැමිණ සිටියාය.
මගේ දුව අතුරුදන් වෙලා දැන් අවුරුදු හයක් වෙනවා. ඉගෙන ගෙන ඉවරවෙලා ගෙදර හිටියා රට යන්න කියලා. දවසක් මොනවදෝ සහතිකයක් ගන්න කියලා ගෙදරින් ගියා. ආපහු ආවෙ නෑ. ගොඩාක් අය දැකලා තිබුණ දුව ව දෙන්නෙක් වෑන් එකක දාගෙන අරගෙන යනවා. මම හමුදාවෙ හැම කඳවුරකටම ගිහින් අහලා බැලුවා. ගෙනාවෙ නෑ කිව්ව. එල්.ටී.ටී.ඊ. අයටත් කිව්වා. එයාලා කිව්වෙත් ගෙනාවෙ නෑ කියලා. රතුකුරුසෙට කිව්වා. පොලිsසියට කිව්වා. ඒත් වැඩක් වුණේ නෑ. මගෙ දුව ගෙදර ආවෙ නෑ...
ඉතිං අම්මෙ දුව අතුරුදන් වෙලා අවුරුදු හයකටත් වැඩියිනෙ. අම්මගෙ දුව තවමත් ජීවතුන් අතර ඉන්නව කියලා අම්මා විශ්වාස කරනවද?" මම ආයෙත් විමසුවෙමි.
"අනේ නෑ මහත්තයො... එයා ඉන්නව කියලා හිතන්න බෑ. මැරුණෙ නැති අයට දානයක් දෙන එක හොඳ නෑ කියලා කිව්වත් මම දුව වෙනුවෙන් එයාගෙ උපන්දිනේටත් අතුරුදන් වුණ දවසටත් දානයක් දෙනවා. කාලයක් මම දුව හොයන එක නතර කරලා ගෙදරට වෙලා හිටියා. මොකද මේ අතුරුදන් වුණ අය ආපහු කවදාවත්ම එන්නෙ නෑ කියලා මට විශ්වාසයි. ආණ්‌ඩුවෙන් කවදහරි කීයක් හරි දුන්නොත් අරගන්නව කියලා හිත හදාගෙන මම ගෙදරට වෙල හිටියා. ඒත් මහත්තයො එක එක දවස්‌වලට ගෙදරට එන එක එක අය අහවල් දවසේ අතෙන්ට එන්න කියනව. අහවල් දවසෙ මෙතෙන්ට එන්න කියනවා. අතේ තියන කීය කීය හරි වියදම් වෙනවා එච්චරයි. අද මේකට ආවෙ මට කෙනෙක් කිව්වා අතුරුදන් වූ අයව ලියාපදිංචි කරලා මරණ සහතික දෙනව කියලා. ඉතිං එහෙම එකක් ලැබුණොත් ආණ්‌ඩුවෙන් වන්දියක් දෙයි කියලා හිතෙනවා. ඒක හින්දා ආව..."
යුද සමයේ දී අතුරුදන් වූ කිසිදු අයෙකු මේ වන විට ජීවතුන් අතර නිරුපද්‍රිතව සිටින බවට මේ වැසියන් කිසිවෙකුටත් විශ්වාසයක් නොමැත. ඔවුන් ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන ඇතත් බොරදියේ මාළු බාමින් තම වාසිය උදෙසා කටයුතු කරන දේශපාලනඥයෝ මේ අසරණ වැසියන්ව උසිගන්වති. දෙමළ දේශපාලනයට රජයට එරෙහිව සටන්පාඨ ඇත්තේ මේ අහිංසක වැසියන්ගේ හදවත් තුළය. එමෙන්ම ඩොලර් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන සහ අතුරුදන් වූවන් පිළිබඳව පෙනී සිටින ස්‌වෙච්ඡා සංවිධාන නඩද මේ පිරිසට නිහඬව නිදහසේ නිවසට වී සිටීමට ඉඩකඩ සලසා නොදෙයි. ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේ අසරණ වැසියන්ව බිල්ලට දෙති. ඒ ඔවුන්ගේ ඉදිරි පැවැත්ම උදෙසාය.
කවුරුන් කෙසේ මේ වැසියන්ව රැවටීමට උත්සාහ කළද එසේ රැවටීමට නොහැකි පිරිසක්‌ද ඔවුන් අතර සිටින බවට මෙවර මුලතිව් කොමිසම හමුවේ සාක්‌කි දුන් පිරිසක් දැක ගන්නට ලැබිණි. අල්ලාප සල්ලාප කතා කරමින් සිටි තැනට පැමිණි මව්වරුන් තුන්දෙනකු කියා සිටියේ තම දරුවන් එල්.ටී.ටී.ඊ. ය විසින් රැගෙන ගිය බවයි.
"එක පවුලකින් එක්‌කෙනෙක් යුද්දෙට ඕනෙ කියලා එල්.ටී.ටී.ඊ. එක කිව්වා. බලෙන්ම ඇවිත් ඔවුන් අපේ ළමයි අරන් ගියා. යුද්දෙදි ඒ අය මැරුණා. ඉතිං මැරුණු අය ආපහු එන්නෙ නෑනෙ. අපි ආවෙ මරණ සහතිකේවත් ඉල්ල ගන්න. එල්.ටී.ටී.ඊ. එක අපේ ළමයි ගෙනිහිල්ලා යුද්දෙට යවලා මරලා දැම්මා කියලා දැන් අපි එල්.ටී.ටී.ඊ. එකෙන් වන්දි ඉල්ලන්නද? ඒ අයට දඬුවම් කරන්නද? නෑනෙ මහත්තයො... දැන් එල්.ටී.ටී.ඊ. එකේ හිටපු අයත් මැරිලා. දැන් ඒ තැන්වල ගස් පැළවෙලා. ආණ්‌ඩුව තමයි අපිට කරන උදව්වක් කරන්න ඕන. අපි ආවෙ මරණ සහතිකේ ඉල්ලගෙන ආණ්‌ඩුවෙන් වන්දි මුදලක් ඉල්ල ගන්න..."
අප ඉදිරියේ සිටින්නේ යථාර්ථය තේරුම් ගත් මිනිසුන්ය. ඔවුහු ඉගෙන ගත්තා කියන මිනිසුන්ට වඩා සාධාරණව කතා කරති. ආචාර්ය උපාධි ඇති පිරිස අතුරුදන් වූවන් සොයාදෙන ලෙස පෙළපාලි ගියත් ඉස්‌කෝලෙ අටේ පන්තියටවත් නොගිය මුලතිව් පළාතේ බොහෝ පිරිසක් අර ආචාර්ය උපාධිය ඇති පිරිස වගේ පෙළපාලි නොයති. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත් ඔවුහු ඉතා සාධාරණව තම ඥතීන් මියයැම වෙනුවෙන් රජයෙන් යම් වන්දියක් ඉල්ලති. රජයටද මෙය ප්‍රශ්නයක් නොවේ. ඒ මන්ද යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ගෙවන ක්‍රමයක් පාර්ලිමේන්තුවේදී සම්මත කොට රජයේ චක්‍රලේඛයක් වශයෙන් එළිදක්‌වා තිබීමයි. මේ චක්‍රලේඛයට අනුව වන්දි ගෙවීමේදී යුද්ධයෙන් මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් කෝටියක් නොලැබෙයි. මියගිය පුද්ගලයා රජයේ සේවකයකු නම් ලක්‍ෂ එකහමාරකි. එසේ නොවන්නෙක් නම් ලක්‍ෂයට අඩු මුදලකි. මේ රටේ බොහෝ ව්‍යාපෘති සඳහා නිකරුණේ වැය කරන අති විශාල මුදල් සම්භාරයෙන් සොච්චමක් මේ වන්දි ගෙවීම් වෙනුවෙන් වැයකළහොත් තවත් වසර ගණනාවක් ඉදිරියට ඔඩු දුව යා හැකි වසංගත ප්‍රශ්නයක් නිමාවට පත්වනු ඇත.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/07/13/feature08.html

0 comments:
Post a Comment